(උපාලි ආනන්ද)
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියලු අධිකරණ කටයුතු වලින් මැයි මස 10 වන දින දක්වා තම සංගමයේ නීතිඥ මහත්ම මහත්මීන් ඉවත් වන බව අනුරාධපුර නීතිඥ සංගමය අනුරාධපුර කලාපයේ සියලු මහාධිකරණ විනිසුරුවරුන්ට දිසා විනිසුරුවරුන්ට සහ මහේස්ත‍්‍රාත්වරුන්ට ලිඛිතව දැැනුම් දී තිබේ.
අනුරාධපුර නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ සුරංග මොහොට්ටි සහ එහි සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් මාරසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙලෙස අදාල ලිඛිත දැනුම් දීම කර ඇත්තේ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු සනත් ජේ මොරවක අනුරාධපුර දිසා විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනක ප‍්‍රසන්න සමරසිංහ අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර කැබිතිගොලේලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් නිලන්ත විමලරත්න සහ තඔුත්තේගම මහේස්ත‍්‍රාත් රමිලා නදීෂානි යන මහත්ම මහත්මීන්ටය.
අනුරාධපුර නීතිඥ සංගමය කල අදාල දැනුම් දීම අනුරාධපුර දිසාෙවි සිය`ඵ අධිකරණ වල විනිසුරුවරුන් පිලිගත් බව පවසන එම අධිකරණ වල රෙජිස්ට‍්‍රාර්වරුන් ඒ අනුව මැයි මස 10 වන දින දක්වා උතුරු මැද පළාත් බද මහාධිකණයේ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ අනුරාධපුර කැබිතිගොල්ලෑව සහ කැකිරාව දිසා අධිකරණ වල අනුරාධපුර ප‍්‍රධාන සහ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණ වල මෙන්ම කැබිතිගොග්ලෑව කැකිරාව සහ තඔුත්තගේම මහේස්ත‍්‍රාත් අධිකරණ වල සියලු විභාග කිරීමේ කටයුතු පමනක් සිදු නොවන බවද කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්. නඩු කටයුතුවලදී අධිකරණ ශාලා වල 300-500 ජනකායක් එකවර රැස්වන නිසා කොරෝනා බෝ වෙන්න පුළුවන්.