IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පුරාවිද්‍යා ළිඳකට වැටීමෙන් අලි පැටවුන් දෙදෙනකු මරුට

පැතුම් දර්ශන

හොරොව්පොතාන අලපත්වැව ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක තිබූ ළිඳකට වැටීමෙන් අලි පැටවුන් දෙදෙනකු මියගොස් තිබේ.

සතියකට පමණ ඉහතදී මෙම ළිඳට වැටී ඇති බව කියන අලි පැටවුන් දෙදෙනා ගොඩ ඒමට නොහැකිව මියගොස් සිරුරු නරක් වී හමාගිය දුර්ගන්ධය හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන  පොලිසියට සහ වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙම පුරාවිද්‍යා භූමිය ආසන්නයේ පිහිටා ඇති වැවකට ජලය බීමට පැමිණ ඇති අලි රංචුවක සිට ඇති මෙම අලි පැටවුන් දෙදෙනා සෙල්ලම් කිරීමට ගොස් මෙම ළිඳට වැටී ඇති බවට වනජීවී නිලධාරීන් සැක කරනු ලබයි.

අඩි හයක් පමණ විශ්කම්භයකින් යුත් අඩි හයක් පමණ ගැඹුරු මෙම ළිඳට වැටීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු එකත් එකහමාරත් පමණ වයසැති පැටවුන් දෙදෙනෙකුය.

 අනුරාධපුර පණ්ඩුලගම   වනජීවී පශු වෛද්‍ය කාර්යාලයෙ පශු වෛද්‍යවරයා ඇතුළු නිලධාරීන් විසින් හෙට(01) මිය ගිය අලි පැටවුන් දෙදෙනාගෙ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

 



අදහස් (1)

පුරාවිද්‍යා ළිඳකට වැටීමෙන් අලි පැටවුන් දෙදෙනකු මරුට

kumarage Thursday, 30 April 2020 10:50 AM

වනජීවී එකේ අයට පඩි දෙනවා නේද? ඇයි සතියක් ගිහිල්ලත් මේ ගැන හොයාගන්න බැරි උනේ? දවසින් දවස විනාශ වෙන අපේ අලි සම්පත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14176 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site