රොමේෂ් මධුෂංඛ
වව්නියාව පම්පමඩුව හා පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි පුද්ගලයින් 304 දෙනෙකු මේ වන විට නිරෝධායනය කටයුතු සිදුකරන බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණයන් යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට ගෙන එනු ලැබූ පුද්ගලයින් යුද හමුදා නිලධාරීන්ගේ හා වෛද්‍යවරුන්ගේ මෙහෙයවීම් මත නිරෝධායනය වෙමින් සිටිති.
මේ අනුව වව්නියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 209 දෙනෙකුද පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 95 දෙනෙකුද නිරෝධායනය වන බවට වාර්ථා වන අතර සම්පූරණ පුද්ගලයින් 304 දෙනා අතර පසුගියදා වව්නියාව මහකච්ච කොඩි ප්‍රදේශයෙන් වාර්ථා වූ කොරෝනා ආසාදිතයා ඇසුරු කල පුද්ගලයින් පිරිසක්ද නිරෝධායනය වෙනුවෙන් යොමු කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.