( ප්‍රියානි මංගලිකා )
වැලිසර නාවික කඳවුරේ සිට නිකවැරටිය දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ තම නිවසට නිවාඩු ලබා පැමිණි නාවික භටයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ පවුල ඇතුළුව පවුල් හයක් සහ ඇසුරු කල නෑසියන් 15ක් නිරෝධායනය සඳහා වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ආසාදිත නාවික සෙබලා නිකවැරටිය ව්‍යාපාරික ස්ථාන දෙකකින් ගනුදෙනු කර ඇති බව තහවුරු වී ඇති බවද ,එම ව්‍යාපාරික ස්ථානවල සිටි සේවයන්ගේ පවුල් තුනක්ද නිරෝධායනයට ලක් කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඊට අමතරව අාසාදිත පුද්ගලයා ඇසුරුකල තවත් පිරිස් සොයා විමර්ශන සිදු කරමින් සිටින බවද ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd