ඩී.ජී.සුගතපාල
පොලිස් සේවයට කැළලක් ඇතිවන අයුරින් අපකිර්තිදායක ලෙස හැසිරි නිරෝධායන කටයුතුද උල්ලංඝණය කරමින් රාජකාරිය පැහැර හරින ලද මාතර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ සේවය ඊයේ(01)සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැරයන්වරයා කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම්කර ඇති මිගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මාතරට ගෙන්වා ගෙන කැකණදුර තලල්ල ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසේ නවතාගෙන ඇය සමග සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇත.
මේ අතර ප්‍රදේශවාසින් විසින් කරන ලද දැනුම්දිමක් අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැමිණ ඇය එම නිවසේම නිරෝධායනයට යොමුකර තිබේ.
එහෙත් කොස්තාපල්වරයා නිරෝධායන නීති රීති උල්ලංඝණය කරමින් ඇය සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන යාම නිසා මෙසේ වැඩ තහනමට ලක්කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිරෝධායන නීති රීති උල්ලංඝනය කළ සැරයන්ගේ වැඩ තහනම්
Raveendra Saturday, 02 May 2020 07:26 AM
වටිනා නිල ඇදුමට අපහාස කළ මොහු මෙම සේවයෙන් පන්නා දැමිය යුතුයි යන්න අපගේ හැගීමයි. මේවාට සුළු දඩුවම් නම් විහිළුවකි. එලෙසම මෙම නිලයට කෙසේ පත්වුයේද යන්න ආයතන ප්‍රධානින් විසින් සොයා බලන්නේ නම් මොහු පිළිබදව හොද වැටහීමක් ලබාගත හැකි නොවේද ?