හිඟුරාණ මුවන්ගල කඩකාමර සංකීර්ණයක හදිසි ගින්නක් හිඟුරාණ මුවන්ගල ග්‍රාම හත මංසන්ධියේ පිහිටි කඩ කාමර සංකීර්නයක අද (05) උදෑසන 7.30ට පමණ හටගත් ගින්නකින් වෙළඳසල් හතරකට හානි සිදුවී ඇති බව දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා පැවසයි. 05 April 2021
පාරක් ඉල්ලා ගැමියෝ පාරට බසිති තම ගම්බිම්වලට යන මාර්ගය අබලන් මාර්ගය පිලිසකර කර දෙන්නැයි ඉල්ලා වියලුවේ ගම් රැසක 100කට අධික පිරිසක් බදුල්ල - මහියංගන මාර්ගයේ හයේ කණුව ප්‍රදේශය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වෙති. 05 April 2021
පිහි ඇනුමකින් අවසන් වූ කසාද යෝජනාව බාල වයස්කාර දැරියකට වයසින් වැඩි අයකු හා ප්‍රේම සම්බන්ධයක් ඇති කරලීමට අනුබල දුන් බව කියන තරුණියකට තියුණු ආයුදයකින් පහරදී මරා දමා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 04 April 2021
පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් සැකපිට පුපුරන ද්‍රව්‍ය තොගයක් සන්තයේ තබාගත් පුද්ගලයින් සිවි දෙනකු අද අළුයම් කාලයේ අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. 04 April 2021
විෂ පොල්තෙල්වලට විරෝධයක් නාවලපිටියේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පිළිකා කාරක පොල් තෙල් ආනයනය කිරිම, ජිවන වියදම ඉහල යාම සහ පරිසර විනාශයට විරෝධය පාමින් නාවලපිටිය නාවලපිටිය නගර මධ්‍යයේ අද (04) උද්ඝෝෂණයක පැවැත්විණි. 04 April 2021
කාසල්රී රක්ෂිතයේ අක්කර දෙකක් ගිනි රකුසට කාසල්රි ජලාශ රක්ෂිතයේ (04) පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 04 April 2021
තෙවසරක් තිස්සේ පාරේ වැඩ එතනමයි:ගැමියෝ පාරට බසිති වසර තුන හමාරක් තිස්සේ වැඩ අතරමග නැවති තිබෙන හොප්ටන්-බිබිල මාර්ගය ඉදිකර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු ලුණුගල නගර මධ්‍යයේ අද (04) දවල් උද්ඝෝෂණයක නිරතව වූහ. 04 April 2021
හම්බන්තොට පවුල් 22000කට බොන්න වතුර නෑ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 22000 කට අධික ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය මගින් සිදුකරනු ලැබූ සමීක්ෂනයකින් හෙලි වී ඇත. 04 April 2021
ලොරියෙන් ආ මාරයා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දලවැල්ල දී ලොරියක ගැටීමෙන් පනස් හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි. 03 April 2021
පළාත් සභා කඩිනම් කරන්නැයි අ‘පුරේ පාගමනක් පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ අද(03) පස්වරුවේදි අනුරාධපුර නගරයේ පා ගමනක නිරත වුහ. 03 April 2021
පාසල් සිසුවා දියේ ගිලී මරුට මන්ත්‍රීතැන්න, ගැරඬිවැවට දියනෑමට ගිය පාසල් ශිෂ්‍යයකු දියේ ගිලී මියගොස් ඇතැයි රාගල පොලීසිය පවසයි. 03 April 2021
අනුරාධපුර ප්‍රභූන් විහින් ලෙඩක් දාගෙන අනුරාධපුර ඒක්සත් වෙළෙඳ සංගමයේ සංවත්සරයට හා භෝජන සංග්රාහට සහභාගී වු ප්‍රභූන් ඇතුළු සියලු දෙනාට පී.සී.අර් පරීක්ෂණයට පියවර ගන්නැයි අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි. 03 April 2021
පිහි දෙකක් රැගෙන දේවස්ථානයට ආ අයෙක් සැකපිට දුන්ගල්පිටිය කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයට උල් පිහි දෙකක් රැගෙන ඇතුළු වීමට තැත් කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව දුන්ගල්පිටිය පොලිසිය කියයි. 02 April 2021
යෝගට් වැරදි ලෙස ප්‍රවාහනය කරද්දී අල්ලයි සම්මත උෂ්ණත්වයට වැඩි උෂ්ණත්වයක යෝගට් ගබඩා කර අලෙවිය සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් බේරුවල මස්සල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කාර්යාලය කියයි. 02 April 2021
වියළි ගංජා කිලෝ දහයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට බුත්තල-කුඹුක්කන 17 කණුව අසල නිවසක තිබී වියළි ගංජා කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය පනස්පහක් සමග එක් සැකකරුවෙක් බුත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 02 April 2021
ශිෂ්‍යාවකට කොරා්නා මොරටුව මෙතෝදිස්ත විද්‍යාලයේ පන්තියක් වසයි මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ පහ වසරේ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදිත වී ඇති බවට හඳුනාගැනීම නිසා එම පන්තිය වසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙනකු සහ පන්තිභාර ගුරුවරිය (1) අද හවස නිරෝධානයට සඳහා යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. 01 April 2021
කෝටියක කුඩු යාපනයෙන් අල්ලයි යාපනය කයිට්ස් හි වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝ එකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බවට සුරාබදු නිලධාරී කාර්යාලය පවසයි. 01 April 2021
ටයිල් ලොරියක් බීර ලොරියක් එකට ගැටේ කොළඹ සිට යාපනය දක්වා ටයිල් ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ බියගම සිට අනුරාධපුර දක්වා බීයර් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් එකිනෙක ගැටි අනතුරක් සිදුව ඇතියි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 01 April 2021
ගංජා තබා ගත් අයගේ මරණය ගැන විශේෂ පරීක්ෂණයක් ගංජා ග්‍රෑම් 50ක් සමග පොලිසිය අත්අඩංගුවට පත් වූ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩ ගෙවා මුදා හැරීමෙන් පසු රෝහල් ගත වී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 01 April 2021
කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ විදුහල්පතිට මැර ප්‍රහාරයක් පාසල් කුඹුරේ වගා කටයුතු ආරම්භ කිරීමට ගිය කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ විදුහල්පති සිසිර කේ ජයතුංග මහතාට අද (31) පස්වරුවේ එල්ලවූ මැර ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය කියයි. 31 March 2021
පරිසර විනාශයට එරෙහිව ‘‘සජබ‘‘ විරෝධතාවක් දඹුල්ලේ පරිසරය විනාශය සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් ගෙන්වීමේ ක්‍රියාවලියට විරෝධය පළ කිරීම සඳහා ජාතික සමගි ජනබල වේගයේ සංවිධානය කළ විරෝධතාවක් අද 31 දින පස්වරුවේ දඹුල්ල නගරයේ දී පැවැත්විණි. 31 March 2021
තහනම් වල්නාශක සමග දෙකක් සැකපිට මෙරට භාවිතය හා අලෙවිය තහනම් වල් නාශකයක් වන ග්ලයිෆොසෙඩ් කිලෝ 1000ක් සමග සූරියවැව කෘමිනාශක අලෙවිහල් හිමිකරුවෙක් හා ගෝලයකු සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය. 31 March 2021
නිධන් ගන්න ගිය පහක් සැකපිට කිලිනොච්චිය, ධර්මපුරම්,වට්ටකච්චි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයකින් නිධන් හෑරීමට පැමිනි පුද්ගලයන් 05 දෙනකු මෝටර් රථයක් සහ අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය පවසයි. 31 March 2021
කොල්ලුපිටියේ හොර කැසිනෝ පොළක් වටලයි කැසිනෝ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස කැසිනෝ ක්‍රීඩාවේ යෙදී සිටි චීන ජාතික කාන්තාවක ඇතුළු චීන ජාතිකයන් තිදෙනකු සමග කැසිනෝ ක්‍රීඩාවෙන් උපයා ගන්නා ලද බව කියනය රුපියල් දාහසය ලක්ෂ පනස් එක්දහසක මුදලක් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. 31 March 2021
ගම්පහ පැත්තකට හෙට ජලය නෑ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (31) රාත්‍රී දහයේ සිට අප්‍රේලි 01 වැනිදා පස්වරු 4 දක්වා ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 30 March 2021
මෝටර් රථය ඇළට වැටී අට හැවිරිදි දියණිය මරුට පියා පැදවූ මෝටර් රථය බෝක්කුවකින් පහළට පෙරළී අට හැවිරිදි දියණියක මියගොස් ඇතැයි රාජාංගනය පොලිසිය කියයි. 30 March 2021
වැලි ව්‍යාපාරිකයා අභිරහස් ලෙස මියයයි මනම්පිටිය වැලි සමාගමේ ලොරි රථගාලේ අභිරහස් ලෙස මියගිය වැලි ව්යාපාරිකයකුගේ් සිරුර අද (30) පෙරවරුවේ සොයා ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි. 30 March 2021
වතුපිටිවල අපනයන සැකසුම් කලාපයෙන් කොරෝනා රෝගීන් නවයක් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක අලුතින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයින් නම දෙනකු හමු වී ඇති බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 30 March 2021
උත්සව සමයේ හොර 5000 එළියට රුපියල් 5000 ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබාගත් තරුණයකු මෝදර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 March 2021
බවුසරය පෙරළී තෙල් බේරේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් තණමල්විල - වේලිඔය මාර්ගයේ කිවුල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පෙරළි අනතුරක් සිදුවිය. 28 March 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025