ලක්ෂ හයක කුඩු සමග හතරක් අල්ලයි රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි 19 March 2021
කාන්තාවන් තිදෙනකු අතර ගැටුමකින් එක් කාන්තාවක් මරුට බහින්බස්වීමක් දුරදිග ගොස් කොටගල වතුයායක කාන්තාවන් තිදෙනෙකු අතර අද (19) ඇති වු ගැටුමකින් එක් කාන්තාවක් මියගොස් ඇතැයි හැටන් දිඹුල පතන පොලිසිය පැවසිය. 19 March 2021
බළන්ගොඩ කුණු කුණු වෙයි බළන්ගොඩ නගරයේ කුණු දින හතරක සිට එකතු නොකිරීම නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක් මතුව ඇතැයි නගරවාසීහු කියති. 19 March 2021
වැල්හේන්ගොඩ පාසලක් පන්ති දෙකක් වසයි අහංගම මවකට කොරෝනා වෛරසය ආසාදනයවිම නිසා එම ආසාදිත මවගේ දරුවන් දෙදෙනකු ඉගෙනුම ලබන අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ විදුහලක 2 වන සහ 7 වන ශ්‍රේණි දෙක තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව කතලුව මහජන සෞඛ්‍ය පරික්ෂක සුජන්ත ජයසිරි මහතා පවසයි. 19 March 2021
බූස්සේ තවත් රැඳවියෝ 14කට කොරෝනා බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 14කට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 19 March 2021
නකල්ස් රක්ෂිතයේ වල්ලාපට්ට ජාවාරමක් ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මඟින් නම් කොට ඇති නකල්ස් අධි රක්ෂිතයේ මහා වන විනාශයක් වන බව ප්‍රදේශවාසීහු කියති. 18 March 2021
කොටගලින් කොරෝනා රෝගීන් එකොළහක් කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි බල ප්‍රදේශයෙන් කොවිඩ් - 19 වයිරසය අසාදනය වු අසාදිතයන් 11 දෙනකු හදුනාගත් බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කේ.සුදර්ශන් මහතා පවසයි. 18 March 2021
කරාපිටිය රෝහලේ දී මියගිය අයට කොරෝනා කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත්කර සිටියදී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත පීසීආර් ප්‍රතිපල අනුව තහවුරු වූයේ යැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. 17 March 2021
රෝහල අධිකාරි මාරුවට කාර්ය මණ්ඩලය විරෝධයේ මීරිගම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ජයන්ත අබයරත්න මහතා හිටිහැටියේ මිනුවන්ගොඩ රෝහලට මාරු කිරීමට විරෝධය පල කරමින් මීරිගම මූලික රෝහලේ වෛද්‍යවරුන් හෙදහෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය විරෝධතාවයක නිරතවිය 17 March 2021
බළන්ගොඩ ගඳ ගසයි බළන්ගොඩ නගරයේ කසල එකතු කිරිමේ කටයුතු සහ නගරය පිරිසිදු කිරීමේ කටයුතු ඇණහිටීම නිසා බලන්ගොඩ නගරයේ සහ නගර සභා බල ප්‍රදේශයේ තැනින් තැන විශාල කසල ගොඩවල් ගොඩ ගැසී ඇතැයි නගර වාසීහු කියති. 17 March 2021
ජ්‍යෙෂ්ඨ පුරවැසියනට කොරෝනා එන්නත් ඊ චනල් හරහා කොළඹ නාගරික බල ප්‍රදේශයේ පදිංචි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔක්ස්පර්ඩ් ඇස්ට්රාටසෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම සඳහා දිනයක් සහ වෙලාවක් නොමිලයේ වෙන් කරවා ගැනීමට හැකි වන පරිදි කොළඹ මහා නගර සභාව ඊ චැනලින් පද්ධතියක් හදුන්වාදී ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණි දිසානායක මහත්මිය පැවසුවාය. 17 March 2021
ලැගුම්හල් එපා:මැදිරිගිරියේ විරෝධතාවක් බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක්කිරීටම එරෙහිව මැදිරිගිරිය අබයපුරගම ජී.පී.එස් හන්දිය ප්‍රදේශයේ අද ප්‍රදේශවාසීහු පිරිසක් විරෝධතාවයක නිරත වූහ. 17 March 2021
කොළඹ නව නියෝ්ජ්ය වැඩ බාරගනී කොළඹ දිසාව බාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජගත් චන්ද්‍රකුමාර මහතා සුභ මොහොතින් අද සිය ධූරයේ වැඩ බාරගත්තේය. 16 March 2021
බොන වතුර ඝන මීටර් ලක්ෂ 22 අපතේ ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් මධ්‍යම පළාත තුළ බෙදා හරින නළ ජලයෙන් ඝන මීටර් ලක්ෂ 22 ක් පමණ මාසිකව අපතේ යන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මධ්‍යම හා සබරගමුව) ජේ.එච් මීගොඩ මහතා පවසයි. 16 March 2021
රත්නපුරෙන් සති දෙකකට කොරෝනා 543ක් ගෙවුනු දෙසතිය තුළ දී කෝවිඞ් - 19 ආසදිතයන් 543 දෙනකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි ත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය 15දා පැවැසුවාය. 16 March 2021
මොරටුව සම්බන්ධීකණ කමිටුවේ දී සභාපති - උපසභාපති මත ගැටුමක මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම අතර තුර එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත සහ උප සභාපති මොරටුව නගරාධිපති සමන් ලාල් මහතා අතර ඇති වූ මත ගැටුමක් නිසා ප්‍රාදේශීය සම්බන්ධීකණ කමිටුවේ උපසභාපති මොරටුව නගරාධිපතිවරයා ඇතුළු නගර සබාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. 16 March 2021
කවුඩුල්ලේ ධීවරයෝ විරෝධතාවක කවුඩුල්ල ජලාශයේ නීති විරෝධී තංගුස් දැල් භාවිතය ඉහළ යමින් තිබෙන හෙයින් එම නීති විරෝධී ක්‍රියා නැවැත්වීමට පියවර ගන්නා ලෙස බල කරමින් මැදිරිගිරිය,මිරිස්හේන,මහවාඩිය ධීවර තොටුපලේ ධීවර කාර්මිකයින් පිරිසක් උද්ඝෝෂණයෙක නිරත වූහ. 15 March 2021
රිය අනතුරින් 7ක් රෝහලේ කොළඹ මෝදර වීදියේ සිට තලවිල ගොස් ආපසු එමින් තිබූ වෑන් රථයක් කටුනේරිය දෙමටපිටිය හන්දියේදී පාරෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් බරපතළ තුවාල ලත් එකම පවුලේ පස් දෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල පොලිසිය කියයි. 15 March 2021
කුපිත වූ අලියා ත්‍රිරෝද රියට පහරදීලා පුත්තලම සිරම්භි අඩිය 6 කනුව ආසන්නයේ දි එකවර පාර මාරු විමට පැමිණ වල් අලියකු මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රියකට පහර දීමේන් එහි රියදුරා තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 14 March 2021
විදුලියෙන් ආ මාරයා ළිදක් ඉසීමට ගිය අවස්ථාවේ ජල මෝටරයෙන් විදුලිය කාන්දුවී විදුලි සැර වැදී කොස්හේන්කන්ද 40 හැවිරිදි අවිවාහකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 14 March 2021
වන විනාශය එපා පාළුකඩවල ගැමියෝ පාරට බසිති ගල්ගමුව ,පාළුකඩවල වැව් ඉස්මත්තේ සිදු කරන්නේ යැයි කියන වන විනාශයට විරෝධය පා නිහඩ උද්ඝෝෂණයක් පාළුකඩවල වැව් බැම්ම මත පැවැත්විණ. 14 March 2021
වන විනාශය එපා: පාළුකඩවල ගැමියෝ පාරට බසිති ගල්ගමුව ,පාළුකඩවල වැව් ඉස්මත්තේ සිදු කරන්නේ යැයි කියන වන විනාශයට විරෝධය පා නිහඩ උද්ඝෝෂණයක් පාළුකඩවල වැව් බැම්ම මත පැවැත්විණි. 14 March 2021
රජය වී කිලෝ ලක්ෂ 70 මිලට ගනී වී අලෙවි මණ්ඩලය මේ වන විට වී කිලෝ ලක්ෂ හැත්තෑවක් මිලයට ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ උප සභාපති සහකෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි. 13 March 2021
පොලිසිය දඩයක්කරුවකු අල්ලයි පන්නල - හෙන්ඩියගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ බෝ 12 ගිණි අවියක්, උණ්ඩ 07 ක් සහ හිස් පතොරම් 02 ක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පන්නල පොලීසිය කියයි. 12 March 2021
පුහුණුව නිම වූවෝ සහතික ලබති ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ජර්මානු තානාපති කාර්යාලයේ වෙළඳ අංශය හා වර්ත් ලංකා සමාගම එක්ව සංවිධානය කල තාක්ෂණවේදීන්ගේ විමසා ව්‍යවසායකයන් පුහුණු කිරීමේ වැඩසටහනේ සහතික පත්‍ර ප්රදානය නාරාහේන්පිට පිහිටි වෘත්තිය වෘතීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි. 12 March 2021
වතු නිවාස පේළියක ගින්නකින් 59 ක් අවතැන් රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක අද (12) දින අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේළියට අයත් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසීය. 12 March 2021
බ්‍රාහ්මණවත්තේ විමලවාසතිස්ස හිමි බලපිටිය උතුර නව ලේඛකාධිකාරී තනතුරට බලපිටිය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නව ලේඛකාධිකාරී ලෙස බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති, බලපිටිය සාමනේර ආකල්ප භික්ෂු මධ්‍යස්ථානාධිපති ගාලු දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමියෝ පිට පිට දෙවැනි වරටත් නිතරගයෙන්ම තේරී පත්වූහ. 11 March 2021
ගෑස් කහවත්තට ගෑස් පෙන්වයි කහවත්තේ ප්‍රදේශයේ දැඩි ගෑස් හිගයක් පවතින බව පාරිභොගිකයෝ පවසති. 11 March 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025