ත්‍රි‘මලයටත් කොන්සියුලර් කාර්යාලයක් විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් ලබන සෙනසුරාදා(13) ත්‍රිකුණාමලයේ දී විවෘත කෙරෙන බව එම අමාත්‍යාංශය කියයි. 11 March 2021
කෝටි දෙකක කේරළ ගංජා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 141 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය, එළුවේතීව් දූපත ආසන්න මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි. 11 March 2021
වත්තහේන මාර්ගය පිළිසකර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිලෝමීටර් 14 කින් යුත් වත්තහේන මාර්ගය පිළිසකර නොකිරීම හේතුවෙන් අපහසුතාවයකට පත්ව ඇතැයි පවසමින් ප්‍රදේශවාසීන් අද (11) යක්කලමුල්ල වත්තේහේනදී උද්ඝෝෂණයක නිරත වූහ. 11 March 2021
යුද හමුදා ට්‍රක් රථයක ගැටී පොලිස් සැරයන් මරුට රාජකාරී කටයුත්තක් සඳහා ගොස් ආපසු සිය සේවා ස්ථානය බලා යතුරුපැදියකින් යමින් සිටි පොලිස් සැරයන්වරයකු යුද හමුදා ට්‍රක් රථයක ගැටී මියගොස් ඇතැයි මින්නේරිය පොලීසිය කියයි. 11 March 2021
කෑගල්ලට බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් සඳහා රැකියා ලබා දීමේ ජාතික වැඩසටහන වෙනුවෙන් නව බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කෙරිණි. 10 March 2021
වසර 250කට වඩා පැරණි හැම ගසක් බිබිල-මහියංගණ මාර්ගයට කඩා වැටෙයි බිබිල-මහියංගණ මාර්ගයේ රිදීමාලියද්ද 10 කණුව ප්‍රදේශයේ මාර්ගය අයිනේ තිබු වසර 250 කට වඩා පැරණි දුර්ලභ ගණයේ ’හැම’ ගසක් අද (10) උදැසන 6.30 ට පමණ මාර්ගයට කාඩාවැටි තිබේ. 10 March 2021
තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කරයි පුත්තලම කඩයාකුලම් ප්‍රදේශයේ පුද්ගලකු තියුණු ආයුධ වලින් ඇණ ඝාතනය කිරිමේ සිද්ධියට සැකකරුවකු අද (10) පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 March 2021
මාල කඩන්නෙක් අත්අඩංගුවට පාරේ ගමන් ගන්නා කාන්තාවන්ගේ ඇසට මිරිස් කුඩු සහ වැලි ගසා ලක්ෂ ගණනින් වටිනා කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ල කන අඹුසැමි යුවලේ පිරිමි පුද්ගලයා මාතලේ, ගලේවෙල, පත්කොලගොල්ලේදි අද (09) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි. 09 March 2021
දරුවා අපයෝජනය කළ අය ශරීර ඇප දෙකක් මත මුදාහරී වයස අවුරුදු 15 ක පිරිමි දරුවකුට ලිංගික අපයෝජනයට ලක් කළ සිද්ධියකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විදුහල්පතිවරයකු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (09) පස්වරුවේ නියෝග කළේය. 09 March 2021
බූස්සේ රැඳවියන් 17 කට - ඇල්පිටිය පොලිසියේ 3 කට කොරෝනා ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් තිදෙනකු හා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනකු කොරෝනා ආසාදිත බව අද (9) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 09 March 2021
ලක්ෂ 107 ක කේරළ ගංජා තොගයක් අල්ලයි ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට නීතීවිරෝධී ලෙසින් රැගෙන ආ කේරළ ගංජා තොගයක් කල්පිටි දූපත් සමූහයට අයත් ජනශූන්‍ය කුඩා දූපතක් වන සෝමතීව් දූපතේ කැළෑබද පෙදෙසක තිබී සොයා ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 09 March 2021
සුරාබදු නිලධාරින්ට පහර දුන් 3 ක් අත්අඩංගුවට ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න ගිය සුරාබදු නිලධාරින් පිරිසකට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි. 09 March 2021
හොරට සාපෙළ ලියන්න ගිය අයෙක් කුඩුවේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට හිදෝගම කළුවිල සේන මහ විදුහලේ විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටින පුද්ගලික අයදුම්කරුවෙකු වෙනුවට පෙනී සිටි වෙනත් පුද්ගලයෙකු අද (8) අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය කියයි. 08 March 2021
බේකරිවත්ත නිවසක් වටලා හෙරොයින් සමඟ පුද්ගලයෙක් අල්ලයි ග්‍රෑන්ඩ්පාස් තොටළඟ බේකරිවත්ත ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් මත්කුඩු, මුදල් සහ ඇත්දළ යුවළක් සමඟ පුද්ගලයෙක් අද (8) අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලිසිය කියයි. 08 March 2021
උමා ඔයෙන් ව්‍යාපෘතියෙන් විපතට පත්වූවන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයක උමා ඔය ව්‍යපෘතියෙන් විපතට පත් පවුල් 190ක පිරිසක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (8) දවල් පැයයක පමණ කාලයක් උද්ඝෝෂණයක නිරතව විසිර ගිය බව පොලිසිය කියයි. 08 March 2021
නිධන් හාරමින් සිටි හමුදා සෙබළකු ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට ඇල්පිටිය නාවලකන්ද ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි යුද හමුදා සෙබලෙකු සහ තවත් අයෙකු අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 08 March 2021
ඇහැලේපොල කුමාරිහාමිට මාතලේදී උපහාර කන්ද උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අණින් කෘෘර ලෙස ඝාතනයට ලක්වු ඇහැලේපොල කුමාරිහාමි සිහි කර පිං පැමිණවිමේ උත්සවයක් මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන කාන්තා මන්ත්‍රි සංසදය විසින් අද පවත්වන ලදි. මාතලේ - ඇහැලේපොල පුරාණ විහාරස්ථානයේ දී උත්සවය පැවැත්විණි. 07 March 2021
බැදිගම්තොට වැලි ජාවාරමක් වටලයි සූරියවැව හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යල බලප්‍රදේශ දෙකටම මායිමව පිහිටා ඇති සූරියවැව බැදිගම්තොට ප්‍රදේශයේ වලවේ ගඟ ආශ්‍රිතව සිදුකරගෙන ගිය වැලි ජාවාරමක් වටලා පුද්ගලයකු අත්අඩංගුවට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අද (7) දහවල් සමත් වූහ. වැටලීමේ දී බෝට්ටු 06 ක්, වැලි ටිපර් 1 හා පොලිස් බාරයට ගැණිනි. 07 March 2021
රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයකු මරුට දෙහිඅත්තකණ්ඩිය අරලංගවිල මාර්ගයේ බිහිරි සොරොව්ව ප්‍රදේශයේදී අද (7) සිදුවූ රිය අනතුරකින් අම්පාර මූලස්ථාන පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් තිබේ. 07 March 2021
සේරක්කුලිය කලපු තීරයෙන් ලක්ෂ 20 ක කහ අල්ලයි සේරක්කුලිය කලපු තිරයට වල්ලම් උපයෝගී කර ගනිමින් රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් කහ තොගයක් හා සැකකරුවන් තිදෙනෙකු පුත්තලම තම්බපණ්නී නාවික හමුදා කදවුරේ නිළධාරින් විසින් අද (7) අත්අඩංගුවට ගනු ලැබීය. 07 March 2021
ඇඹිලිපිටියේ උපකාරක පන්ති -දහම්පාසල් තාවකාලිකව නවතී ඇඹිලිපිටිය ප්‍රදේශයේ කොරෝනා අවදානම් තත්ත්වයක් මතුවීමෙන් උපකාරක පන්ති සහ දහම් පාසල් දෙසතියක කාලයකට අත්හිටුවිමට ඇඹිලිපිටිය ප්‍රාදේශීය කොව්ඩ් මර්දන කමිටුව තීරණය කර තිබේ . 07 March 2021
සුළිඟින් නිකවැරටියේ 92 ක් ආපදාවට නිකවැරටිය නගරය හරහා ඊයේ (6) රාත්‍රී හඹා ගිය වැස්සත් සමඟ නිවාස 33 කට හානි සිදුවීමෙන් පවුල් 27 පුද්ගලයන් 92 ක් ආපදාවට ලක්ව ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාල අද (7) පැවසීය. 07 March 2021
ගිනිඅවි - කඩු සමග අයෙක් සැකපිට අල්ලයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුරේ නිලධාරීන් අද (6 ) පස්වරුවේදී රත්ගම කටුපොල්වත්ත, කමුණවැල්ල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් හා කඩු 02ක් සමග මුරකරුවකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇත. 06 March 2021
ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ඝාතනයකර යතුරුපැදියක ගැටගසා මාවක් ඔයේ ගිල්වා තිබූ හිටපු හමුදා සෙබලගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරයෙක් සහ හිටපු යුද හමුදා සෙබලෙක් අද (6) අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි. 06 March 2021
කහතොගයක් නීතිවිරෝධීව ගෙන ආ 05ක් අල්ලයි ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතීවිරෝධී ලෙස මෙරට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා කහ කිලෝ 1391ක්, නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් පූලච්චේන මාර්ගයක ප්‍රවාහනය කරමින් තිබියදී අද (6) කල්පිටිය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 06 March 2021
මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් පනයඩිය වෙරළ තීරයට අද (6) ක්ෂීරපායි සත්වයෙකු වන මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇතැයි කල්පිටිය වන ජීවී කාර්යාලය පවස යි. 06 March 2021
අනියම් පෙම නිසා දෙදරු පියා මුහුදට පනී විදේශගත වූ සිය බිරිඳගේ අනියම් පෙම පිළිබඳව දැනගන්නට ලැබී සිත් වේදනාවට පත්ව මොරටු මෝදර වරාය ප්‍රදේශයෙන් මුහුදට පැන්න දෙදරු පියෙක් පැයක මෙහෙයුමකින් (05) බේරාගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි. 05 March 2021
ගල්කොරි දෙකක ගල් ප්‍රවාහන ලොරි නතර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂනයක නාවලපිටිය හොල්ගම ප්‍රදේශයේ පිහිටි ගල්කොරි දෙකක කඩන ගල් ප්‍රවාහන ලොරි රථ වලින් ප්‍රවාහනය කිරිමේ දී විශාල පරිසර හානියක් සිදු වන බව පවසමින් ගම්වාසීන් පිරිසක් ලොරි රථ හරස් කරමින් අද (5) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. 05 March 2021
මන්නාරමේ අනවසර ජා කොටු 8 ක් ඉවත් කරයි මන්නාරම දකුණු මුහුදේ වන්කාලේ මාදැල් පාඩු පිහිටි නොගැඹුරු මුහුදේ බලපත් නොමැතිව අනවසරයෙන් ඉදිකර තිබූ රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා ජා කොටු 8 ක් අද (5) මන්නාරම දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන් හා වන්කාලේ නාවුක හමුදා නිලධාරීන් එක්ව ගලවා ඉවත් කළ බව මන්නාරම දිස්ත්‍රික් ධීවර කාර්යාලය පවසයි. 05 March 2021
යාල තුන කලාපයේ ගංජා හේනක් ගිනි තබා විනාශ කරයි යාල ජාතික වනෝද්‍යානයේ තුන්වන කලාපයේ ගල්ගේ වනජීවී පිවිසුම් දෙරටුව සීමාවේ සිට කිලෝමීටර් 30 ක් පමණ නැගෙනහිර දෙසට වන්නට ඉතා සරුවට වගාකර තිබූ අක්කර තුන්කාලක පමණ වපසරියකින් යුත් ගංජා හේනක් වනජීවී නිලධාරීන් දින දෙකක් තිස්සේ සිදුකළ වැටලීමක දී ගිනි තබා විනාශ කළ බව ඌව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්දුජිත් මහතා පැවසීය. 05 March 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026