IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටි දෙකක කේරළ ගංජා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

           

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙන ආ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 141 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු යාපනය, එළුවේතීව් දූපත ආසන්න මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි.

         

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවකින් කේරළ ගංජා තොගය රැගෙන එමින් සිටි සැකකරුවන් කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.     

         

මෙරට සිටින මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන ඒමට කටයුතු කර ඇති බවට සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බවත් පැවසීය.

         

සැකකරුවන් දෙදෙනා නිරෝධායන නීති අනුව නිරෝධායනය වෙනුවෙන් කයිට්ස් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත යොමුකර ඇති අතර, කේරළ ගංජා තොගය කයිට්ස් පොලිසිය වෙත බාරදී තිබිණි.

         

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර සැකකරුවන් හා කේරළ ගංජා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

     



අදහස් (0)

කෝටි දෙකක කේරළ ගංජා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site