මැදින් පොහොයයි කැලණි වෙහෙරයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසුව උපන් ගමට, පියාණන්ට සහ ඥාතීන්ට කෘතගුණ දැක්වීම සඳහා ප්‍රථම වරට කිඹුල්වත් පුරයට වැඩම කළ දිනය මැදින් පුන් පොහෝ දිනට යෙදී ඇත. 28 March 2021
ලක්ෂ හයක කුණු අයිස් ක්‍රීම් වළට උත්සව සමයේ අලෙවි කිරීමට සූදානම් කළ මනුෂ්‍ය පරිභෝජනයට නුසුසුදු අයික්‍රීම්,යෝගට්, චොකලට් බටර් ඇතුළු ආහාර තොගයක් විනාශ කළ බව පැලවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කේ.කේ.ඒ.මධුජිත් මහතා පවසයි. 28 March 2021
පහළොස් හැවිරිදි සිසුවා කිඹුලාට බිලි සාම්පූර් ඉතිකුලම් වැවේ දිය නෑමට ගිය15 හැවිරිදි පිරිමි දරුවකු කිඹුලකුගේ ගොදුරකුට ගොදුරු වි ඇතැයි පොලිසිය කියයි. 28 March 2021
රෝදය ගැලවුණු ත්‍රිරෝද රිය නතර වූ තැන යක්කල - ගම්පහ මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක ඉදිරි රෝදය ගැලවී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැනී නතර වී තිබූ අයුරු අප වාර්තා කරුගේ කැමරාමේ මෙසේ සටහන්විය. 26 March 2021
ගිනි අවියක් සමග අයෙක් අල්ලයි විදේශිය රටක නිෂ්පාදිත බෝර 12 ගිණි අවියක් මිද්දෙණිය දඹතලාව ප්‍රදේශයේදි සැකකරුවකු අද(25) සවස අත් අඩංගුවට ගත් බව මිද්දෙණිය පොලිසිය පවසයි. 25 March 2021
ගංජා ඇද්ද නියාමක කූඩුවට ගංජා මිලි ග්‍රෑම් 1510 ක් සන්තකයේ තබාගෙන සිටි වැලිකඩ බන්ධනාගාරයේ නියමකවරයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 25 March 2021
ඉන්ධන බවුසරය වැරදි මාර්ගයේ යයි ත්‍රිකුණාමලය - හබරණ මාර්ගයේ ගමන් ගත් ඉන්ධන බවුසරයක් හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරළී එයින් පිටවූ මාර්ගය දිගේ ගලා යද්දී ප්‍රදේශවාසීහු එක්ව පෙට්‍රල් භාජනවලට එකතු කරනු අයුරු දක්නට ලැබිණි. 25 March 2021
සිප්පි කටු දහයියා කරන්න බැරිවේ නීති විරෝධී ලෙස සිප්පි කටු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් හා සැකකරුවන් තිදෙනකු අද (25) පෙරවරුවේ ගල්ගමුව නගරයේ දී අත් අඩංගුවට ගත් බව ගල්ගමුව පොලීසිය කියයි . 25 March 2021
බස් රියට යටවී කතක් මරුට මොරන්තුඩුව දෙල්දූව ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මිය ගිය බව මොරන්තුඩුව පොලිසිය කියයි. 25 March 2021
සොරාගත් යතුරු පැදිය ඇළට දාලා තැපැල් සේවකයකුට අයත් යතුරු පැදියක් සොරකම් කර විකුණා ගැනීමට නොහැකිව මාදුරුඔයේ ඉෂඩ් ඩී ප්‍රධාන ඇළට විසිකර තිබියදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි. 24 March 2021
‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියේ මුදල් පමාවෙන් කොන්ත්‍රාත්කරුවෝ අපහසුවේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය වෙනුවෙන් දකුණු පළාතේ සිදුකළ ඉදිකිරීම් සඳහා ලැබිය යුතු මිලියන 1800 ක මුදලින් මිලියන 160 ක් පමණ මාස තුනක් තිස්සේ පමාවීමෙන් ඉදිකිරීම්කරුවන් දුෂ්කරතා රැසකට මුහුණදී ඇති බව දකුණු පළාත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් බී.ඩබ්ලිව්. ඕ.ජී. වෛද්‍යරත්න මහතා පැවැසීය. 24 March 2021
ඉන්දීය කුලිකරුවෝ රන්වලට විදී කාත්තන්කුඩි ප්‍රදේශයේ රන්බඩු හලක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයන් තිදෙනකු එහි තිබූ රුපියල් ලක්ෂ 30 ක රන් සොරාගෙන පලාගොස් ඇතැයි කාත්තන්කුඩි පොලිසිය කියයි. 24 March 2021
කන්දකැටිය පොලිසියේ හතරකට කොරෝනා කන්දකැටිය පොලිසියේ නිලධාරීන් සිව් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 24 March 2021
බල්ලෝ පහක් කුසගින්නට බැල්ලියක මරාගෙන කාලා මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක සතියක් පුරා හාමතේ සිටි වටිනා සුනඛයන් 5 දෙනකු කුසගින්න ඉවසා ගත නොහැකිව එක් බැල්ලියක මරා ආහාරයට ගනිමින් සිටියදී සොයාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 23 March 2021
ජල සේවකයෝ වැටුප් වර්ධක ඉල්ලති වැටුප් වැඩි නොවීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණයක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල කාර්යාලයේ ඉදිරිපිටදී අද (23) දහවල් පැවැත්විණි. 23 March 2021
වල් අලියාට පාර වැරදේ කන්දකැටිය කහගොල්ලඅරාව ගම්මානය වෙත ඊයේ (23) අළුයම කඩා වැදුණු වල් අලියෙකු එහි නිවසක අලුතින් ඉදි කරනු ලබන වැසිකිළී වළකට වැටී සිටියදී සොයාගත් බව ගම්වාසීහු කියති. 23 March 2021
විදුලියෙන් ආ මරුවා නුගේගොඩ නාවල පෞද්ගලික බැංකු ගොඩනැගිල්ලක වායු සමීකරන අලුත් වැඩියා කටයුත්තකට නිරත වූ 17 හැවිරිදි පිරිමි ළමයකු විදුලි සැර වැදී මියගොස් ඇතැයි කළුබෝවිල රෝහල් පොලිසිය කියයි 23 March 2021
හෙදියකගේ කණට ගැසුවාට පරීක්ෂණයක් ඉල්ලයි මහරගම දන්ත රෝහලේ වෛද්‍යවරියක් එම රෝහලේ හෙදියකට කණට පහර දුන් බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලයි. 22 March 2021
හොර සල්ලි සමග වෙළෙඳසල් සේවකයකු අල්ලයි වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සමග පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 21 March 2021
ගම්පහ රෝහලට තාවකාලික ශල්‍යාගාර තුනක් ශල්‍යාගාර සංකීර්ණයේ අලුත්වැඩියාවක් හේතුවෙන් සැත්කම් රැසක් නැවතී ඇති ගම්පහ රෝහලට තාවකාලික ශල්‍යාගාර තුනක් කඩිනමින් ලබාදීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පියවර ගෙන තිබේ. 21 March 2021
අපරාධකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 21 March 2021
157 වැනි පොලිස් විරු දිනය සමරති 157 වැනි පොලිස් විරු දිනය නිමිත්තෙන් මාතර දිස්ත්‍රික් සැමරුම් උත්සවය මාතර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා මාතර එම කාර්යාලයේ දී පැවැත්විණී. 21 March 2021
අනතුරක් කර සැඟවෙන්න බැරි වෙයි මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු හප්පා පලාගිය යතුරුපැදි කරුවකු දින හතරකට පසුව අත්අඩංගුවට ගත් බව වාරියපොල පොලිසිය පවසයි. 21 March 2021
බටදූවේ කර්මාන්ත ශාලාවකින් කොරෝනා රෝගීන් 26ක් ගාල්ල බටදූවේ රබර් ආශ්රිත නිශ්පාදන කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 26 දෙනකුට මේවනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 20 March 2021
‘‘රූමස්සලට අත නොතබනු‘‘ උණවටුන රූමස්සල කන්ද හරහා මාර්ගයක් ඉදිකිරිමට විරෝධය පා පරිසර සංවිධාන එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (20) සවස ගාල්ල නගරයේදි පැවැත්විණි 20 March 2021
අධිකරණයේ කලබල කළ නීතිඥයා රිමාන්ඩ් අධිකරණ භූමිය තුළ සාමය කඩවන අයුරින් කලහකාරී ලෙස හැසිරුනැයි කියමින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ නීතිඥවරයකු ලබන 22 දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය. 20 March 2021
ධීවරයාගේ මරුවා උණ්ඩයෙන් එයි සේරුනුවර උප්පුරාල් ප්‍රදේශයේ දී උණ්ඩයක් පිපිරීමෙන් (34) හැවිරිදි ධීවරයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 20 March 2021
අවුරුදු බෝනස් නැතැයි සේවකයෝ උරණවෙති මෙවර සිංහල හින්දු අලුත් අවුරද්දට බෝනස් නොගෙවන්නේ යැයි කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවකයන් පිරිස් එම කම්හල තුළ උණුසුම් හැසිරීම නිසා හබරාදූව පොලිසිය වහාම කම්හල වෙත ගොස් ආරක්ෂාව සපයා සේවක පිරිස ඉවත් කිරිමට පියවර ගත්තේය. 20 March 2021
මඩකළපුව රෝහලට ශල්‍ය ඒකකයක් ඉන්දීය රජයේ ආධාර ඇතිව මඩකළපුව ශික්ෂණ රෝහලට ශල්‍ය ඒකකයක් ඉදිකරමින් තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 19 March 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025