IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගම්පහ රෝහලට තාවකාලික ශල්‍යාගාර තුනක්

(ඩයනා උදයංගනී)

ශල්‍යාගාර සංකීර්ණයේ අලුත්වැඩියාවක් හේතුවෙන් සැත්කම් රැසක් නැවතී ඇති ගම්පහ රෝහලට තාවකාලික ශල්‍යාගාර තුනක් කඩිනමින් ලබාදීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පියවර ගෙන තිබේ.

මෙම රෝහලේ ශල්‍යාගාර හයකින් යුතු ශල්‍යාගාර සංකීර්ණය අලුත්වැඩියාවක් සඳහා ඉකුත් දෙසැම්බර් 23 වන දින සිට දින නියමයක් නොමැතිව වසා දැමීමෙන් එහි විකලාංග හා අස්ථි සැත්කම් ඇතුළු සැත්කම් විශාල ප්‍රමාණයක් නවත්වා ඇති අතර, අක්ෂි සැත්කම් 3500 කට වැඩි සංඛ්‍යාවක් කර ගත නොහැකි වී ඇතැයි රෝහලේ වෛද්‍යවරුන් ඇමතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඇමතිවරයා මෙම පියවර ගෙන ඇත.

ගම්පහ රෝහලේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් එහි වෛද්‍යවරුන් අමාත්‍යවරයාට පැමිණිලි කර ඇති අතර ඇමතිවරයා ඒ ගැන සොයාබැලීම සඳහා අද (21) එහි හදිසි සංචාරයක නිරත වෙමින් රෝහලේ වැඩ බලන අධ්‍යක්‍ෂවරයා සහ වෛද්‍යවරුන් හමුවී සාකච්ඡා කළේය.

රෝහලේ ඇති පැරණිම ශල්‍යාගාරයේ ඇදන් 03 ක හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කරන නමුත් එහි ඇති ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් නොවන බවත්, එහි මැස්සන්, මදුරුවන් සහ කෝදුරුවන් අධික ලෙස සිටින බැවින් සැත්කම් කිරිමෙන් පසු තුවාල පැසවීම ඇතුළු පශ්චාත් සංකූලතා ඉහළ ගොස් ඇති බවටත් මෙහිදී වෛද්‍යවරු පවසා ඇත.

පළාත් සෞඛ්‍ය බළධාරින් අලුත්වැඩියා සඳහා ශල්‍යාගාර සංකීර්ණය වසා දැමීමේ දී ඒ සදහා විකල්ප ශල්‍යාගාරයක් ඉදි නොකිරීම මේ තත්ත්වයට හේතුව වී ඇති අතර ඒ අවස්ථාවේම බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග යන මහත්ම මහත්මීන් දුරකථනයෙන් සම්බන්ධ කර ගත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම ගැටළුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කඩිනමින් තාවකාලික ශල්‍යාගාර තුනක් රෝහල් භූමියේ ඉදි කිරීමට ඔවුන් එකඟ වී ඇත.

 



අදහස් (0)

ගම්පහ රෝහලට තාවකාලික ශල්‍යාගාර තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site