ගිනි අවි-පතුරොම් සමඟ අයෙක් අත්අඩංගුවට පතිරාජගම නිවසක සඟවා තිබු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව පතුරොමක් , හිස් කොපු දෙකක් සමඟ 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය කියයි. 18 April 2021
කොග්ගල වෙළඳකලාපයේ තවත් 6 කට කොරෝනා කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හලක තවත් සේවිකාවන් හය දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 18 April 2021
දික්ඔය වතු නිවාස රැසක් ජලයෙන් යටවෙයි කාසල්රී ජලශයේ පෝෂක ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පහත් බිම් ප්‍රදේශයේ පිහිටි වතු නිවාස 26 ක් ජලයෙන් යට වු බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි. 18 April 2021
රිවෝල්වරයක් සමග සැකකරුවෙක් සැකපිට මනුෂ්‍ය ඝාතන රැසක් සම්බන්ධයෙන් ඇප මත සිටින පුද්ගලයකු රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ හයක් සමඟ වැලිපැන්න බොන්දුපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 18 April 2021
කුඩු ජාවාරමෝ 10ක් අල්ලති සුරියවැව නගරයේ සිදු කළ විශේෂ වැටලිමකදී හෙරොයින් ජාවාරමේ යෙදුනු ප්‍රධාන ජාවාරම්කරුවකු ඇතුළු ඔහුගේ ගෝලයන් 10 දෙනකු හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 09යි මිලි ග්‍රෑම් 55ක් සමග අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය කියයි. 17 April 2021
මහ වර්ෂාවෙන් මහනුවර නිවාස රැසකට හානි මහනුවර අවට ප්‍රදේශවලට ඇද හැළුණු මහා වර්ෂාවත් සමග හන්තාන කන්දේ සිට පහළට ගලා ආ විශාල ජල පහරක් නිසා අවට විහාරස්ථානයක් ඇතුළු නිවාස 150කට හානි සිදු ව ඇතැයි වාර්තා වෙයි. 16 April 2021
ත්‍රිරෝද රථ අනතුරින් පුතා මරුට:මව පියා රෝහලට ගල්ලමුල්ලකන්ද මාර්ගයේ බැවුමකදි ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලියාමෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් මව හා පියා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව යක්කලමුල්ල පොලීසිය පවසයි. 16 April 2021
අයියා පණ ගැන් වූ යතුරු පැදියට යටවී නංගි මරුට අවුරුදු 10ක අයියා පගැන් වූ යතුරු පැදියට යටවී අවුරුදු එක හමාරක නංගි මියගොස් ඇතැයි වාවකච්චේරි පොලිසිය කියයි. 15 April 2021
මාතලේ පැත්තකට අලුත් අවුරුද්දේ වතුර නෑ මාතලේ නගර සිමාවේ ප්‍රදේශ ගණනාවකට අලුත් අවුරුදු දිනවල ජලය නොලැබිමෙන් තමන් දැඩි අපහසුතාවයන්ට පත්වු බව නගරවාසිහු කියයි. 15 April 2021
අලුත් අවුරුද්දට ගමේ බඩු බෙන්න බැරිවේ අලුත් අවුරුදු සමයේ බෙදා හැරීම පිනිස මාකෙවිට,කලුවැල්ගොඩ කුඩා දූපතක නිෂ්පාදනය කළ ගෝඩා මිලි ලීටර් විසි හත් ලක්ෂයක ප්‍රමාණයක් සහිත බැරල් 15 ක් සමග සැකකරුවෙක් ගම්පහ පොලිස් දූෂණ මර්ධන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 15 April 2021
බූරුවා ගැසූ 12ක් පොලිසියට බුලත්සිංහල කොබවක ප්‍රදේශයේ නීති විරෝධිව පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා දොලොස් දෙනකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලීසිය සඳහන් කරයි. 12 April 2021
විදුලිසැර වැදී පාසල් සිසුවා මරුට මැදිරිගිරිය දිග්ගල්පුර ප්‍රදේශයේ වාහන සෝදන ස්ථානයකදී 18 හැවිරිදි පාසල් දරුවකු විදුලිසැර වැදී මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 11 April 2021
හිටපු පොලිස් කොස්තාපල් කුඩු සමග මාට්ටු හිටපු පොලිස් කොස්තාපල්වරයකු හෙරොයින් ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 960ක් සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 11 April 2021
කන්ටේනර් වෑන් රථ අනතුරින් හතරක් රෝහලට කටුපොතල - වාරියපොළ ප්‍රධාන මාර්ගයේ කටුපොත ගල්වැව ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් සිවු දෙනකු බරපතල ලබා ඇතැයි කටුපොත පොලිසිය පවසයි. 11 April 2021
අලියෙක් පහරදී ගොවියකු මරුට දිඹුලාගල, ඇල්ලේවැව, පබුදුගම ප්‍රදේශයේදී අද (10) අලුයම කුඹුරට ගොස් සිටි 64 හැවිරිදි ගොවියෙකු වන අලියෙකු පහරදීමෙන් මරුණුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 10 April 2021
දියවිනි ඇල්ලට ආර්ථික සංවර්ධන නිළධාරිවරයා බිලි බලන්ගොඩ කල්තොට දියවිනි ඇල්ලෙන් පහළට වැටි ආර්ථික සංවර්ධන නිළධාරිවරයකු ඉකුත් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 10 April 2021
කුරුණෑගල ශික්ෂණ රෝහල නවීකරණය කිරීමට යයි කුරුණෑගල ශික්ෂණ රෝහල රුපියල් කෝටි 1200ක් පමණ වියදමකින් නවීකරණය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 09 April 2021
දර්ගා නගරයේ පාසලක ගැටුමට සම්බන්ධ සිසුන් 4 ක් ඇතුළු 10 ක් අත්අඩංගුවට දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පන්ති දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇති ඇතිවූ ගැටුමට සම්බන්ධ සිසුන් හතර දෙනකු ඇතුළු 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අද (9)අලූත්ගම පොලිසිය කියයි . 09 April 2021
වැලිකන්ද ප්‍රා.සභාවට නව සභාපතිවරයෙක් වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් අධිකාරී මහතා අද ( 09) තේරී පත්විය. 09 April 2021
ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 2 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු රුවන්වැල්ල ප්‍රදේශයේ දී රුවන්වැල්ල පොලිසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 April 2021
පොලිතීන් නිසා බැට කන මීගමු කලපු ධීවරයෝ ජාඇල ඌරුවෙල්,දඩුගමි ඔය,හැමිල්ටන් ඇළ ඇතුළු තවත් කුඩා ඇළ මාර්ග ඔස්සේ මිගමුව කලපුවට බැහැර වන පොලිතින් සහ පලාස්ටික් අපද්‍රව්‍ය නිසා කලපුවේ මත්ස්‍ය අභිජනනය මෙන්ම මත්ස්‍ය සමිපත අඩු වී ඇතැයි කලපුව ආශ්‍රිතව පාරමිපරිකව ධිවරයෝ පවසති. 09 April 2021
පස් කණ්ඩියක් කඩා වටී කම්කරුවෙක් මරුට කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා කාණුවක් කපමින් සිටි කම්කරුවකු මතට පස් කණ්ඩියක් කඩා වැටී එම කම්කරුවා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 08 April 2021
කහඉර මතින් ආ මාරයා ගල්කිස්ස පීරිස් පාර අසල පදික මාරුවේ දී කැබ් රථයක ගැටීමෙන් ලොතරැයි අලෙවිකරුවකු අද (8) අලුයම මියගිය බව ගල්කිස්ස පොලිසිය පවසයි. 08 April 2021
බැංකු සේවකයෝ විශ්‍රාම වැටුප් ඉල්ලති විශ්‍රාම වැටුප් ඉල්ලා බදුල්ලේ බැංකු සේවක සේවිකයෝ අද දහවල් බදුල්ල නගයේදී උද්ඝෝෂණයක නිරත වූහ. 07 April 2021
සිහිනය බෝඳ වී පොලිස් කූඩුවෙන් නතර වේ නිදානයක් ගන්නට සුදානම් වු පුද්ගලයින් තිදෙනකු නිදානය හෑරිමට යොදාගත් උපකරණ හා පුජා භාන්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඌව කුඩාඔය පොලිසියකියයි. 07 April 2021
හිටපු ඇමැති ජෙයරාජ්ගේ ගුණ සැමරේ ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ 13 වන ගුණානුස්මරණ උත්සවය වැලිවේරිය ප්‍රනාන්දු පුල්ලේ ස්මාරකය අසලදි අද (6) සවස පැවැත්විණි. 06 April 2021
කොළඹ රාජකීයට ගණිතාගාරයක් කොළඹ රාජකීය විද්‍යාලයීය 2001 ආදි සිසු කන්ඩායමේ පූර්ණ අනුග්‍රහයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ ගණිතාගාරයක් විද්‍යාලයට පිරිනැමීම උත්සවාකාරයෙන් සිදුවිය. 06 April 2021
දඹුල්ලට නොගිය එළවළු ලොරිය කැකිරාව වනමල්උයන 110 කිලෝමීටර් කනුව ආසන්න වංගුවේ අද උදේ 5.45ට පමණ ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු අනතුරෙන් රියදුරකුට බරපතල තූවාල සිදූවී ලොරි දෙකට දැඩි හානි සිදු ව ඇතැයි කැකිරාව පොලීසිය කියයි. 06 April 2021
සේනා දළඹුවන්ගෙන් බැට කෑ බඩඉරිඟු ගොවියන්ට තවත් පහරක් සේනා දළඹු වසංගතයෙන් පවා බැට කෑ බඩඉරිඟු ගොවීන් , ඔවුන්ගේ අස්වැන්න සාධාරණ මිළකට විකුණා ගැනීමට නොහැකිවීමෙන් මහත් පීඩාවට පත්ව ඇති බව ගොවීහු කියති. 06 April 2021
කෝටි 11 ගංජා තොගයේ හිමිකරු අල්ලයි අනුරාධපුර ගුවන්තොටු පොළට නුදුරු ඉසුරුපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට කෝටි 11ක ගංජා ගෙන ආ බව කියන තණමල්විල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 April 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026