IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සේනා දළඹුවන්ගෙන් බැට කෑ බඩඉරිඟු ගොවියන්ට තවත් පහරක්

(සමන් කේ. ගමගේ)
සේනා දළඹු වසංගතයෙන් පවා බැට කෑ බඩඉරිඟු ගොවීන් , ඔවුන්ගේ අස්වැන්න සාධාරණ මිළකට විකුණා ගැනීමට නොහැකිවීමෙන්  මහත් පීඩාවට පත්ව ඇති බව ගොවීහු කියති.
මෙවර මාස් කන්නයේ බඩඉරිඟු අස්වැන්න ගොවීන්ගෙන්  සාධාරණ මිලකට ලබාගනිමින් සිටි පෞද්ගලික සමාගම් හා වෙළෙන්දන් හිටිහැටියේම බඩඉරිඟු මිල පහත හෙළීමෙන් තිරප්පනේ හා ගලෙන්බිඳුණුවැව බඩඉරිඟු ගොවීන් දැඩි අසීරූතාවට පත්ව ඇතැයි ගොවීහු පවසති.
තිරප්පනේ පුලියන්කුලමලමාවතවැව පඬිකෙටූවැව ඌරාකොටේ ගලෙන්බිඳුණුවැව කොලොන්ගස්වැවල මයිලගස්වැව ඇතුළු තවත් ගම්මාන බොහොමයක  බඩඉරිඟු ගොවීහු මෙලෙස පීඩාවට පත්ව සිටිති.
, මේ වතාවේ බඩඉරිඟු වගා කළ ගොවීන්ට සේනා දළඹුවා ගෙන් හානි වුණාග ඉතිරි වුණ බඩඉරිඟු අස්වැන්න දැන් 90‍ ක් ම නෙලා අවසන්. පසුගිය දවස් දෙකක් බඩඉරිඟු කිලෝවක් රුපියල් අසූ පහකට සමාගම් ඇවිත් මිල දී ගත්තාග ඒ මිල අපේ ගොවීන්ට සාධාරණයි. නමුත් හිටි හැටියේම සමාගම් විසින් බඩඉරිඟු   මිල රුපියල් හැටක් දක්වා පහත දාලා. ගොවියෝ බඩඉරිඟු ඇට හොඳට වේලලා විකුණන්න සූදානමින් ඉන්නේ අපි බොහොම දුක් මහන්සි වෙලා වගා කළේ. ඊට සාධාරණ මිලක් ලැබෙන්නේ නැත්නම් වැඩක් නැතැයි ගොවීහු කියති.



අදහස් (0)

සේනා දළඹුවන්ගෙන් බැට කෑ බඩඉරිඟු ගොවියන්ට තවත් පහරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site