රත්නපුර වෙළඳසැල් රාත්‍රී 7 න් පසු වහයි රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාව වැඩිපුර ගැවසෙන ප්‍රධාන නගර වල සියලුම වෙළඳසැල් සෑම දිනකම රාත්‍රී 7 වනවිට වසා දැමීමට රත්නපුර දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටුව තීරණය කළේය. 12 May 2021
බෙන්තොට පාලම අසලදී සියලු වාහන දැඩි පරීක්ෂාවට අන්තර් පළාත් අතර සංචරණ සීමා පනවා තිබෙන දකුණු හා බස්නාහිර වෙන්කෙරෙන අලුත්ගම බෙන්තොට පාලම අසල දිස්ත්‍රික් මායිමේ අද අලුයම් කාලයේ සිට ඒ හරහා ගමන් ගන්නා රථ වාහන, යතුරු පැදි පාපැදි ඇතුළු පාගමනින් පැමිණෙන අයවලුන් දැන් පරීක්ෂාවට ලක්කර අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් වෙත ගමන් කිරීමට අවසර ලබාදෙන බව පොලිසිය කියයි . 12 May 2021
කුරුවිටින් තුන්වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තුන්වැනි මරණය වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 12 May 2021
මොරටුවේ අභිරහස් මරණයක් මොරටුව අලුත් ගාලුපාර පදික වේදිකාවේ තිබී වයස අවුරුදු හැටක පමණ වන පුද්ගලයෙකුගේමළ සිරුරක් අද (11) හමු වූ බවත් එම සිරුර කොළ පැහැති ත්‍රීරෝද රියකින් අදාළ ස්ථානයට ගෙනවිත් දමා ගොස් ඇති බවත් මූලික පරීක්ෂණයේ දී අනාවරණය වූ බව පොලිසිය පවසයි. 11 May 2021
සැඟවසිටි ආසාදිතයෝ 10ක් අල්ලාගෙන යති සංචරණ සීමා පනවා ඇති මහ වස්කඩුව ප්‍රදේශයේ කොවීඩ් 19 වැළදී ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට සෞඛ්‍ය බළධාරින් පැමිණිමේදී සැගව සිටී රෝගීන් දස දෙනකු සොයාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකළ බව කළුතර උතුර පොලිසිය කියයි . 11 May 2021
බේරුවල ප්‍රා.ලේකම් කාර්යාලයේ කොටසක් වහයි බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය අද (12)සිට මැයි 28 දින තෙක් වසා තබන බව බේරුවල ප්‍රාදේශීය ලේකම් එම් . රන්ජන් ප්‍රියශාන්ත මහතා පවසයි. 11 May 2021
පුද්ගලයෝ 207කින් 72කට කොරෝනා ජාඇල ප්‍රාදේශිය සභා කොටිඨාසයේ පුද්ගලයින් 207 දෙනකු අද දින අහඹු රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකට යොමු කිරිමෙන් අනතුරුව ඔවුන් අතරින් 72 දෙනකු කොරෝනා වෛරස ආසාදිතයන් ලෙස හදුනාගත් බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලාල් විජේසිංහ මහතා පවසයි. 10 May 2021
කරවනැල්ල රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පාරට බසිති කරවනැල්ල රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද රෝහල ඉදිරිපට උත්ඝෝෂණයක් පවත්වන ලදී. 10 May 2021
ගම්පහ ජනතාව සංචරණය සීමා කරති කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානම නිසා ගම්පහ නගරයට ජනතාව පැමිණීමේ අඩුවක් පෙනෙන්නට ඇතැයි පොලිසිය කියයි. 09 May 2021
පිළියන්දල වෙළෙඳපොළ වහයි පිලියන්දල පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් 101 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග පොදු වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහත පවසයි. 09 May 2021
හුදකලා කළ දඹුල්ලේ කඩයක වැඩ කළ දහයක් අල්ලයි හුදෙකලා කර සංචරණ නීති පනවා තිබියදී දඹුල්ල නගරයේ තොග වෙළෙඳසලක් විවෘත කොට සෞඛ්‍ය නීති සියල්ල උල්ලංඝනය කරමින් වෙළඳාම් කටයුතු වල නිරතව සිටී එහි සේවය කළ පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය කියයි 09 May 2021
හම්බන්තොට කොවිඩ් ආසාධිතයින් 52: මරණ දෙකයි හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඉකුත් පැය 24 දී කොවිඩ් ආසාධිතයන් 52 දෙනකු හමුව ඇතැයි ද ඉන් දෙදෙනකු මිය ගිය බවද සෞඛ්‍ය අංශ පවසයි. 09 May 2021
මත්ද්‍රව්‍ය සමඟ 06ක් අත්අඩංගුවට අක්මීමන පොලිස් බල ප්‍රදේශයේ ඉකුත් දින දෙකේ සිදු කළ වැටලීම්වලින් හෙරෝයින්, අයිස් ගංජා යන මත්දාව්‍ය හා මුදල් සමඟ සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි. 08 May 2021
කතක් පොල් ලෙලි ගසද්දී අකුණු සැරවැදි මරුට ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ 26 හැවිරිදි එක්දරු මවක අකුණු සැර වැදි මරණයට පත්වි ඇති බවත් තවත් කාන්තාවක කම්පනයට පත්ව රෝහල් ගත කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 08 May 2021
කෝටියක ගංජා සමග හතරක් අත් අඩංගුවට රුපියල් කෝටියකට ආසන්න වීදි වටිනා කමක් ඇති කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 08 May 2021
අම්පාර රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරක අම්පාර මූලස්ථාන පොලීසියේ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා කැබ් රථයක ගැටී අද අනතුරකට ලක්ව ඇතැයි අම්පාර පොලීසිය පවසයි. 07 May 2021
මොරටුව පුස්තකාලයත් අතරමැදි රෝහලක් කරයි මොරටුව මහ නගර සභාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයනට රෝහලක් ලැබෙන තුරු රැඳී සිටීමට මොරටුව පුස්තකාල තුන්මහල් ගොඩනැගිල්ලත් නගර සභා මහ සභාවේ ගිලන් රථයත් වෙන්කර ඇති බව මොරටුව පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පවසයි. 07 May 2021
හොර සිගරැට් සමග තිදෙනෙක් අල්ලයි නීතිවිරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු දුම්වැටි දෙලක්ෂ දොළොස් දහසක් සමඟ සැකකරුවන් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. 07 May 2021
දකුණේ සියලු සතිපොළ සති දෙකකට වහයි දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළ සෞඛ්‍ය උපදෙස් මත සති දෙකක කාලයක් සදහා වසා දැමිමට පළාත් පළාන ප්‍රධානින්ට උපදෙස් ලබාදුන් බැව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි. 07 May 2021
කිරි දානයෙන් කොරෝනා පොකුරක් දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පුහාඹුගොඩ ග්‍රාමනිලධාරී වසමේ ඇටෝරවිල ප්‍රදේශයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයක් ආශ්රයෙන් කොරෝනා ආසාධිතයන් 23 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ කියයි. 06 May 2021
වැස්සෙන් රත්නපුරේ පවුල් 123 ක් අපදාවට ගෙවී ගිය දින දෙකක් තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 8 කින් අධික වර්ෂාව, තද සුළං, ගංවතුර සහ අකුණුසැර හේතුවෙන් පවුල් 123ක පුද්ගලයින් 466 දෙනෙක් ආපදාවට ලක්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද ( 05) පැවසුවාය. 05 May 2021
රත්නපුර ග්‍රාම සේවා වසම් හතක් හුදකලා කරයි කෝවිඞ් ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තාවීමත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ තුනක තවත් ග්‍රාම නිලධාරී වසම් හතක් අද පෙරවරුවේ සිට හුදකළා කළ බව කෝවිඞ් මර්දන කමිටුව පවසයි. 05 May 2021
පුත්තලමේ රජයේ කාර්යාලයක් වහයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ ඇති දිස්ත්‍රික් කුඩා ව්‍යාපරි අංශයේ අධ්‍යක්ෂවරියගේ සැමියාට කෝවිඩ් ආසාදනය විමත් සමග එම අංශය තාවකාලිකව වසා දැමු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 05 May 2021
ගල්ගමුව සතිපොලත් වහයි අඟහරුවාදා දින පැවැත්වෙන ගල්ගමුව සතිපොල කොවිඩ්-19 වසංගතය නිසා අද (4) දින නොපැවැත් විණ. 04 May 2021
නිරෝධායන නීති කඩමින් කෙරූ උපන්දින සාදයක් වටලයි කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ ,සාද ,පැවැත්වීම තහනම් කර තිබියදී නිරෝධායන පනත් උල්ලංඝනය කරමින් බේරුවල නල්ල හේන ප්‍රදේශයේ නිවසක පැවැත්වූ උපන්දින සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් පස් දෙනකු ඊයේ (3) අත්අඩංගුවට ගත් බව කියයි. 04 May 2021
ඇඳන් 1000 යෝජිත කොරෝනා මධ්‍යස්ථාන නිරීක්ෂණයට ඇඳන් 1000කින් යුතු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදි කිරීමට යෝජිත ගම්පහ , වැරැල්ලවත්තේ වසා දැමූ ඇගළුම් කම්හල් ගොඩනැගිල්ල අද සවස අමාත්‍යවරු සහ ආණ්ඩුකාරවරයා ඇතුලු නිලධාරීහු නිරීක්ෂණය කළහ. 03 May 2021
පුත්තලමේ ඇඳන් 800 කොරේනා රෝහලක් ඇදන් 800 කින් යුත් කොරෝනා ප්‍රතිකාර රෝහලක් පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ ආරම්භ කිරිමට සියලු කටයුතු අවසන් බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි. 03 May 2021
සෞඛ්‍ය නීති කඩන්නන් සොයා කුරුවිට මෙහෙයුම් කුරුවිට ප්‍රදේශයේ කෝවිඞ් ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පිරිස දැනවත් කිරීමේ වැඩසටහනක් අද කුරුවිට නගරයේ දී පැවැත්විනි. 03 May 2021
බුලත්කොහුපිටියේ රාජ්‍ය බංකුවක් වහයි බුලත්කොහුපිටිය නගරයේ රාජ්‍ය බැංකුවක නිලධාරියකට කොරෝනා ආසාදිතවීම හේතුවෙන් එම බැංකුව අද තාවකාලිකව වසා දැමා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 03 May 2021
මධ්‍යම පළාතට ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩි කරයි මධ්‍යම පළාතේ කොවිඩ් 19 වෙරසය ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය ඇඳන් ප්‍රමාණය ඉහළ දැමීම සඳහා පළාත් කොවිඩ් මෙහෙයුම් කමිටුව තීරණය කරනු ලැබ තිබේ. 02 May 2021
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026