IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රත්නපුර වෙළඳසැල් රාත්‍රී 7 න් පසු වහයි

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාව වැඩිපුර ගැවසෙන ප්‍රධාන නගර වල සියලුම වෙළඳසැල් සෑම දිනකම රාත්‍රී 7 වනවිට වසා දැමීමට රත්නපුර දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටුව  තීරණය කළේය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ මෙම කමිටුව රැස්විය.

රාත්‍රී හතෙන් පසුව වෙළඳසැල් වසා දැමීම ෆාමසි වලට බල නොපාන බවද කමිටුව සඳහන් කළේය. එසේම මෙම සති අන්තියේ (මැයි 14, 15 සහ 16 යන තෙදින) රෙදිපිළි වෙළඳසැල්, ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ වෙළඳසැල් ඇතුලු අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට ද රත්නපුර දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටුව තීරණය කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්වල සිටින සියලුම රජයේ සේවකයින් සේවයට නොකැඳවීමට දී මෙහිදී තීරණය විය.

එසේම අත්‍යවශ්‍ය නොවන රජයේ කාර්යාල සතියක කාලයක් වසා දැමීමට ද, රත්නපුර දිස්ත්‍රික්කයට ඇතුලුවන දිස්ත්‍රික් මායිම්වල මාර්ගවලට මාර්ග බාධක යෙදීමට ද රත්නපුර දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටුව තීරණය කළේය. රත්නපුර දිස්ත්‍රික්කයට දිස්ත්‍රික් නවයක් මායිම් වෙයි.

දැනට හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්වල තේ කර්මාන්තයේ නියැලි සිටින පිරිසට නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් තදින් පිළිපදිමින් තේ කර්මාන්ත කටයුතු වල නිරතවීමට අවසර දීමට ද කමිටුව තීරණය කරනු ලැබීය.

එසේම වැඩිපුර පීසීආර් පරික්‍ෂණ සිදුකරන ප්‍රදේශ පීසීආර් පරීක්‍ෂණ ප්‍රතිඵල ලැබීමට පෙර සිට හුදකළ කරන ලෙස ද, කොවිඩ් 19 ආසාදිතයින් වැඩිපුර හමුවන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කරන ලෙස ද  මෙහිදි පළාත් ආණ්ඩාකරවරයා උපදෙස් දුන්නේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරිම ජූනි මස 30දින දක්වා දීර්ඝ කරනු ලැබූ අතර එදින දක්වා දඩ මුදල් අය නොකිරිමට ද කෝවිඩ් මර්ධන කමිටුව තීරණය කළේය.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ කෝවිඩ් ආසාදිත රෝගීන් සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල්වල වාට්ටු සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ද කඩිනමින් වැඩි කිරිමට ද මෙහිදී තීරණය විය.

 

 

 



අදහස් (0)

රත්නපුර වෙළඳසැල් රාත්‍රී 7 න් පසු වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site