(අජිත්ලාල් ශාන්තඋදය)
ගෙවී ගිය දින දෙකක් තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 8 කින් අධික වර්ෂාව, තද සුළං, ගංවතුර සහ අකුණුසැර හේතුවෙන් පවුල් 123ක පුද්ගලයින් 466 දෙනෙක් ආපදාවට ලක්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද ( 05) පැවසුවාය.
ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ පැල්මඩුල්ල ප්‍රාදේශියලේකම් කොට්ඨාසයටය.
පසුගිය මැයි 02 සහ 03 යන දෙදින රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අධික වැසි ඇදහැලුණු බව ද කී දිස්ත්‍රික් ලේකම්වරිය කලු ගඟ ඇතුලු ගංගා සහ ඇළදොල වල ජල මට්ටම් ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගිය බව ද සඳහන් කළාය.
නිවිතිගල, ඕපනායක, පැල්මඩුල්ල, ඇහැලියගොඩ, කහවත්ත, කිරිඇල්ල, කොලොන්න සහ ගොඩකවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අටේ ග්‍රාම නිලධාරී වසම් 31කින් ආපදා සිදුවීම් වාර්තා වූ බව ද දිස්ත්‍රික් ලේකම්වරිය පැවසුවාය.
ඇහැලියගොඩ සහ ඕපනායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකේ නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇති බව ද ඇය කීවාය. අර්ධ නිවාසහානි 96ක් වාර්තාවන බව කී දිස්ත්‍රික් ලේකම්වරිය ඉන් 62ක් පැල්මඩුල්ලෙන් වාර්තාවන බව සඳහන් කළාය. කහවත්තේ නිවාස 20කට අර්ධ හානි වී ඇති අතර ගොඩකවෙල සහ කොලොන්න කොට්ඨාසවල නිවාස 04 බැගින්ද, ඕපනායක නිවාස 03ක් ද, කිරිඇල්ලේ නිවාස 02ක් සහ ඇහැළියගොඩ එක් නිවාසයක් ද මෙලෙස අර්ධහානියට ලක්ව ඇතිබව දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නාය.
වෙනත් දේපල හානි පැල්මඩුල්ල කොට්ඨාසයෙන් 20ක් සහ ගොඩකවෙලින් 02ක් වාර්තාවී ඇති බව ද ඇය කීවාය.
ආපදාවට ලක්ව ඇති පුද්ගලයින්ගෙන් පවුල් 62ක 228ක් පැල්මඩුල්ලෙන් වාර්තාවන බව දිස්ත්‍රික් ලේකම්වරිය කීවාය. කහවත්තේ පවුල් 20ක පුද්ගලයින් 83ක් ද, නිවිතිගලින් පවුල් 18ක පුද්ගලියන් 66ක් ද, ඕපනායක පවුල් 08ක පුද්ගලියින් 33ක් ද, ගොඩකවෙල පවුල් 07ක පුද්ගලයින් 29ක් ද, කොලොන්නේ පවුල් 04ක පුද්ගලයින් 13ක් ද, කිරිඇල්ලේ පවුල් 02ක පුද්ගලයින් 09ක් ද, ඇහැළියගොඩ පවුල් 02ක පුද්ගලයිනන් 05ක් ආපදාවට ලක්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළාය.
ආපදාවට ලක්වූවන් ගෙන් ඕපනායක පවුල් 04ක පුද්ගලයින් 17ක් සහ ඇහැළියගොඩ ක් පවුලක දෙදෙනෙක් ලෙස 19 දෙනෙක් සිය ඥාති නිවෙස්වල 04දා සවස්වන විට රැඳී සිටි බව ද දිස්ත්රිදක් ලේකම්වරිය කීවාය.
2025 නොවැම්බර් මස 04
644
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැස්සෙන් රත්නපුරේ පවුල් 123 ක් අපදාවට