(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තුන්වැනි මරණය වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
එසේ මරණයට පත්ව ඇත්තේ කුරුවිට ග්‍රාම නිලධාරී වසමේ මලව ප්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි විවාහක කාන්තාවකි.
ඇය රත්නපුර මහ රෝහලේ කෝවිඩ් ප්‍රතිකාර වාට්ටුවේ සිටියදී පෙරේදා 11දා රාත්‍රී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
දැනට කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති මරණ තුනෙන් දෙකක්ම කුරුවිට ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ වීම විශේෂයකි.
කුරුවිට සිනමාහල පාරෙන් මීට දින කිහිපයකට පෙර මරණයක් වාර්තාවිය.
පසුගිය 10 දින කුරුවිට ශාන්තිපුර ප්‍රදේශයේ 87 හැවිරිදි කාන්තාවක් ද කෝවිඩ් 19 හේතුවෙන් මියගොස් තිබුණි. ඒ අනුව සතියක කාලයක් තුල කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කෝවිඩ් 19 ආසාදිතවීම හේතුවෙන් මරණ තුනක් සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd