පුරන් කුඹුරක හස්ථියෙකු මිය යයි නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ පුරන් කුඹුරක් තුළ මියගොස් සිටි ඇතෙකුගේ සිරුරක් හමුවී ඇතැයි නවගත්තේගම වනජීවී කාර්යාලය කියයි. 19 May 2021
කාන්තා බූරු පිටියක් වටලා හයක් අල්ලයි පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය කාන්තා බූරු පිටියක් වටලා කාන්තාවන් 06 දෙනකු සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. 19 May 2021
කාන්තා බූරු පිටියක් වටලා හයක් අල්ලයි පානදුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය කාන්තා බූරු පිටියක් වටලා කාන්තාවන් 06 දෙනකු සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. 19 May 2021
රැඳවියකුගේ සහයෙන් කුඩු ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවෙකුගේ සහයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු පුද්ගලයකු හෙරෝයින් මත්කුඩු සමග අද (18 ) නාත්තණ්ඩිය ගඩොල්ගොඩවත්ත ජනහිත ගම්මානයේ දි අත් අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි. 18 May 2021
කොරෝනා නීතී කැඩූ 20 කට නඩු අරණායක දිප්පිටිය නගරයේ කොවිඩ් සෞඛ්‍ය නීති කඩ කරමින් කටයුතු කළ වෙළෙදුන් ,රථ වාහන රියදුරන් ,හා නගරයට පැමිණ සිටි පාරිභෝගිකයින් ඇතුළු පුද්ගලයන් විසි දෙනෙකු අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළ බව අරණායක පොලීසිය කියයි 18 May 2021
හුදකලා ප්‍රදේශවලට එළවළු ජංගම රථවලින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් 49ක 15000ක් පමණ වූ ජනතාවට ජංගම රථ යොදා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව බෙදාහැරිමට කටයුතු කළ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි. 18 May 2021
කෝටියක මත්කුඩු මෝදරින් අල්ලයි රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් අයිස්, හෙරොයින් සහ හෑෂ් යන මත්ද්‍රව්‍ය තොගයක් සහ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ, මෝදර පොලිසිය අද පස්වරුවේ සමත්ව තිබේ. 17 May 2021
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කුරුණෑගල පුහුණු මධ්‍යස්ථානයේ 18 කොරේනා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මගින් වැහැර ප්‍රදේශයේ පවත්වාගෙන යන පුහුණු මධ්‍යස්ථානයේ 18 දෙනකුට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කුරුණෑගල සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 16 May 2021
කකුල තුවාල වී අලි පැංචා අතරමං වෙලා පාදයකට වූ තුවාල නිසා ඇවිදගත නොහැකි වල් අලිපැටවකු මීගලෑව කත්නෝරුව පොතානගම කැඩි වැවක් අසල සිටියදී සොයාගත් බව වනජිවි නිලධාරීහු පවසති. 16 May 2021
වැරැල්ලවත්තේ ඉදිකෙරෙන කොරෝනා මධ්‍යස්ථානය බලන්න නාවික හමුදාපති යයි කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ, වැල්ලවත්තේ ඉදිකෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා එහි ගියේය. 16 May 2021
නාවික හමුදාවේ බෝඩ් ගහගෙන වැලි අදියි සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ නාවික හමුදාවේ නම ප්‍රදර්ශනය කරමින් අත්‍යාවශ්‍ය සේවා නාම පුවරුව යොදාගෙන රත්නපුර - පානදුර මාර්ගයේ වැලි ප්‍රවාහනය කරමින් සිටි සිවිල් පුද්ගලයකු ඇල්ලගාව කැටකැලැල්ල පාලම අසල ක්‍රියාත්මක වන පළාත් මයිම් මාර්ගපොලිස් බාධකයේදී අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය කියයි. 16 May 2021
මුහුද රළු වෙයි මුතු පන්තිය හේදෙයි පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මුතුපන්තිය දුපත දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්වි විනාශ වෙමින් ඇති බව ධිවරයින් පවසයි. 16 May 2021
කොරෝනාවෙන් නිවසේ මුරකරු මරුට කොරෝනා වයිරසය ආසාදනයවී අහංගම දිගරැද්ද ප්‍රදේශයේ නිවසක් මුර කරමින් සිටි 70 හැවිරිදි තුන් දරු පියෙකු මිය ගොස් ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි 16 May 2021
ඩ්‍රෝන යානාවක් නිසා තරුණයකු අමාරුවේ වැටේ නිසි අවසරයක් නොමැතිව ඩ්‍රෝන යානාවක් ගුවන්ගත කළ පුද්ගලයකු දෙහිවල රොබට් පෙදෙසේ දී ඊයේ සවස දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 16 May 2021
ගම්පහ දෙදෙනෙක් කොරෝනා ආසාදනය වී නිවෙස්වලම මිය යති ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වලව්වත්ත සහ බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙදෙනෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 15 May 2021
කොරෝනා එන්නත් කරණය ඉතා සාර්ථකව කොරෝනා මර්දනය සඳහා සිදු කරන එන්නත් වැඩසටහන බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී ඉතා සාර්ථකව දිනවල සිදු කරන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 15 May 2021
මොරටු පොලිසියෙන් සත්කාරයක් කොවිඩ් වසංගත තත්වය හමුවේ සංචාරණ සීමා පැනවීමත් සමග මොරටුව නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණා. ජනතාව නොගැවසීම හේතුවෙන් කුසගින්නේ සිටින වීදි සුනඛයන් හට ආහාර ලබා දීමට මොරටුව පොලිසිය කටයුතු කළේය. 15 May 2021
පානදුර, හිරණ පොලිස් මුරපොලේ නිලධාරීහූ කුඩු පැකට් 1000ක් අල්ලයි පානදුර, හිරණ පොලිස් මුරපොලේ නිලධාරීහූ පසුගිය දින දහය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. 15 May 2021
වැඩබිම්වලින් බඩු ඉස්සූ අයෙක් අත් අඩංගුවට ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානවල සේවයේ යෙදෙමින් එහි ඇති යන්ත්‍රෝපකරණ සොරා ගන්නා ලද පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය පවසයි. 14 May 2021
වර්ෂාවෙන් පන්නල පවුල් 42ක් අවතැන් මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් දෙකකට අයත් පවුල් 42 ක් පමණ අවතැන්වී ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පවසයි. 14 May 2021
ගම්පහ 1385ක් වැස්සෙන් අවතැන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයක දෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පවුල් 1385 කට අයත් සාමාජිකයින් 6119 දෙනකු අද සවස 5 වනවිට පීඩාවට පත්ව සිටි බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ අජිත් නිශාන්ත මහතා පවසයි. 14 May 2021
රිය අනතුරින් අයෙක් මරුට:7 ක් රෝහලේ කොළඹ - කුරුණෑගල මාර්ගයේ දඹදෙණිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ලොරි රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් අද (13) උදෑසන සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව වෑන් රථයේ ගමන්ගත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසයි . 13 May 2021
අකුණුසැර වැදී කාන්තාවක් රෝහලේ අධික වර්ෂාවත් සමඟ ඇති වු අකුණු සැර වැදීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි. 13 May 2021
අලි හයක් නිවෙසක් සමතලා කරයි හල්දුම්මුල්ල කොස්ලන්ද නාඋල්ල නිවසකට අද අලුයම 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම නිවස මුළුමනින්ම විනාශ වී පොළොවට සමතලා කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ අංශයේ ආපදා සහන නිලධාරී වසන්ත කුමාර මහතා පවසයි. 13 May 2021
ජාමියා නලීමා විද්යාපීඨයයක් කොරෝනා රෝහලක් කරයි බේරුවල අබේපිටිය ජාමියා නලීමා විද්‍යාපීඨයෙහි ඇඳන් 300ක් වෛද්‍යවරුන් 25 දෙනකු හා හෙදියන් 11 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත කොවිඩ් රෝගී අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදි කෙරුණු අතර අද (12) දා දින සිට එය ආරම්භ කෙරිණි. 13 May 2021
හබරාදුව පොලිසියේ වහළය කඩා වැටෙයි හබරාදුව පොලිසියේ වහළයේ කොටසක් ඊයේ කඩාවැටි ඇතැයි පොලිසිය පවසයි. 13 May 2021
ඉන්දියාවෙන් ලංකාවට පනින්න හැදූ අයෙක් අල්ලයි ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් මෙරටට නීතිවිරෝධී අයුරින් මෙරටට සංක්‍රමණය වෙමින් සිටි පුද්ගලයකු හා එම පුද්ගලයා බෝට්ටුවෙන් රැගෙන ආ ධීවරයින් දෙදෙනකු මන්නාරම මුහුදු සීමාවේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි. 12 May 2021
නිරෝධායන නීති කැඩූ 20 ක් අත්අඩංගුවට නිරෝධායන නීති කඩ වන ආකාරයට හැසිරෙන්නන් සොයා අද (12) මහනුවර නගරය කේන්ද්‍ර කර කරමින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුව ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තවත් 50 කට ආසන්න පිරිසකට දැඩිලෙස අවවාද කිරීමට පොලීසිය කටයුතු කළේය. 12 May 2021
රක්ෂිතයක ගංජා හේනකට ගිනි තියයි උඩවලව ආඳොඑව කැකුනවත්ත ප්‍රදේශයේ රජයේ වන වගා රක්ෂිතයක නීති විරෝධී ලෙස වගාකර තිබූ ගංජා වගාවක් වටලා එම ගංජා ගස් ගලවා දින ගිනි තබා විනාශ කළ බව උඩවලව පොලිසිය කියයි. 12 May 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025