IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුහුද රළු වෙයි මුතු පන්තිය හේදෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ලලිත් නවරත්න )

පවතින  වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්  මුතුපන්තිය  දුපත දරුණු ලෙස  මුහුදු ඛාදනයට ලක්වි විනාශ වෙමින් ඇති බව ධිවරයින් පවසයි.

ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මුතුපන්තිය දුපත පවුල් 150 ක  පුද්ගලයින් 500 කට ආසන්න පිරිසක් දිවි ගෙවති .

එක්පසකින් කලපුවත් අනෙක් පසින් මුහුදත් තවත් පසකින් ආනවිළුන්දාව රැම්සා අභය භුමියෙනුත් වටවු මෙම දුපත සුන්දරත්වය එක්කර තිබේ .

මුහුද හා කලපුව තම රුකියාව කර ගත් මුතුපන්තිය දුපත් වාසින් එයට අමතරව කුඩා ප්‍රමානයේ පොකුණු ඉස්සන් ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන්නේ තම ජීවිත් විමේ අරගලයට සවියක් එක්කර ගනිමිනි.

සුන්දර පරිසර පද්ධතියකින් සමන්විත මුතු පන්තිය පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි මිනිස් වාසයට අපුරුතම භුමියකී.

අතිතයේ මෙම සුන්දර දුපත ආසන්නයේ මුහුදේ මුතු බෙල්ලන්ගෙන් මුතු ගහනව තිබිමත් හේතුවෙන් මෙම සුන්දර දුපත මුතුපන්තිය ලෙස හදුන්වන්නට ඇතැයි අද වන විට එහි වාසය කරන පිරිස් පවසයි .

කෙසේ වෙතත් මෙම දුපත වසර ගනනාවක සිට දරුණු මුහුදු ඛාදනයත් සමග දුපතට අයත් භුමිය මේ වන විට සිග්‍ර අඩුවිමක් වි ඇති බව මෙහි පදිංචි ධිවරයින් පවසයි .

අවස්ථා ගනනාවක මුතු පන්තිය ආරක්ෂා කර ගැනිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව දැමු ගල් වැටිද මේ වන විට මුහුදට ගසා ගෙන යමින් ඇත්තේ දරුණු මුහුදු රළ හමුවේ බව ධිවරයින් පවසයි .

මුහුදු ඛාදනය දරුණු විමත් සමග මෙම දුපතේ පදිංචි ධිවරයින්ට උඩප්පුව නගරයට තම ධිවර අස්වැන්න රැගෙන යාමට තිබු මුහුද තිරයේ මාර්ගය මේ වන විට සම්පුර්ණයෙන් මුහුදු රළට ගසාගෙන ගොස් විනාශ වි ඇති බව ධිවරයින් පවසයි.

මුතු පන්තිය ධිවර ජනතාව පවසන්නේ මේ සියල්ල හමුවේ තව සුළු කාලයකින් මෙම දුපත මුහුදට ගසාගෙන ගොස් දුපතක් තිබු ස්ථානයක් පවා සොයා ගත නොහැකි ලෙස විනාශ විමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ජනතාව බළධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මුතු පන්නතිය සුන්දර දුපත මුහුදු ඛාදනයෙන් බේරා ගැනිමට අදාල කටයුතු සකසා දෙන ලෙසයි .

 



අදහස් (1)

මුහුද රළු වෙයි මුතු පන්තිය හේදෙයි

Jagath Mandalana Tuesday, 18 May 2021 03:07 AM

ඔක්සිජන් වැඩිවෙද්දී ඔහොම වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site