IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගම්පහ දෙදෙනෙක් කොරෝනා ආසාදනය වී නිවෙස්වලම මිය යති

(තිලකරත්න දිසානායක.)

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වලව්වත්ත සහ බණ්ඩාරවත්තේ  නිවෙස් දෙකක දෙදෙනෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මිය යාමෙන් පසුව සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවේදී එම දෙදෙනා කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.

වලව්වත්ත පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක් සහ බණ්ඩාරවත්තේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවත් නිවෙස්වලින් පිටතට නොගොස් ඇති මෙම දෙදෙනාට රෝගය ආසාදනය වූ අන්දම අනාවරණය වී නොමැති බවත් කළ විමසුමසකට පිළිතුරු දෙමින් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා කියයි.

එම පවුල්වල සාමාජිකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද කීය.

 



අදහස් (3)

ගම්පහ දෙදෙනෙක් කොරෝනා ආසාදනය වී නිවෙස්වලම මිය යති

Akila Saturday, 15 May 2021 04:43 AM

ගෙදරට පිටින් ගෙනෙන බඩුවලින් . බෙහෙත් වල ආවරණ වලින් , මුදල් වලින් කොරෝන වයිරස් එක එන්න පුළුවන් ,ඒ ගැන ලංකවේ හුඟදෙනෙක්ට අවබෝදයක් නැහැ

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 15 May 2021 10:36 AM

කොහොමද වැඩේ ගිය දුර. පිස්සු නටන්නේ නැතිව කල්තියා රට ලොක් ඩවුන් කර පාලනයක් කරා නම්, මේ අර්බුද නැහැ.

:       0       5

ranjith Saturday, 15 May 2021 12:47 PM

මේ වෛරසය රටට ඇතුල්වෙන්න නොදී මුලදිම රට ලෝකෙට වහලා රට දිව්වා නම් ... හරි අපරාදයක්... මනුෂ්‍ය ජීවිත නේද මේ..? පිට රට හිටිය අය නිරෝධායනය කරලා රටට ගන්න තිබුණු කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ගිහින් මේ විනාශය...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site