IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාවික හමුදාවේ බෝඩ් ගහගෙන වැලි අදියි

(කිරිඇල්ල - කපිල කුමාර)

සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ නාවික හමුදාවේ නම ප්‍රදර්ශනය කරමින් අත්‍යාවශ්‍ය සේවා නාම පුවරුව  යොදාගෙන  රත්නපුර - පානදුර මාර්ගයේ  වැලි ප්‍රවාහනය කරමින් සිටි සිවිල් පුද්ගලයකු පෙරේදා (15 ) ඇල්ලගාව කැටකැලැල්ල පාලම අසල ක්‍රියාත්මක වන පළාත් මයිම් මාර්ගපොලිස්  බාධකයේදී  අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය කියයි.

අත් අඩංගුවට පත් සැකකරු ඇඹිලිපිටිය පදලංගල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකි .

 වැලි කියුබ් 4 කින් යුත් මෙම ටිපර් රථය මොනරාගල සිට ධාවනය ආරම්භ කර කොළඔ කුරුදුවත්ත ප්‍රදේශයේ ස්ථානයකට මෙලෙස  වැලි ප්‍රවාහනය කරමින්  ඇති බවට කරුණු වාර්තා වී ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ දිනවල පවතින සංචරණ සීමා හේතුවෙන් ගමන් පහසුව සඳහා මෙලෙස නාවික හමුදාව යනුවෙන් සටහන් කළ නාමපුවරුව  ප්‍රදර්ශනය කරමින් තමා ගමන් කළ බව සැකකරු පවසා ඇතැයි  පොලීසිය කියයි.

 

 



අදහස් (0)

නාවික හමුදාවේ බෝඩ් ගහගෙන වැලි අදියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site