IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රක්ෂිතයක ගංජා හේනකට ගිනි තියයි

( රෝහණ සමරවීර)

උඩවලව ආඳොඑව කැකුනවත්ත ප්‍රදේශයේ රජයේ වන වගා රක්‍ෂිතයක නීති විරෝධී ලෙස වගාකර තිබූ ගංජා වගාවක් වටලා එම ගංජා ගස් ගලවා  දින ගිනි තබා විනාශ කළ බව උඩවලව පොලිසිය කියයි.

අක්කර භාගයක පමණ ප්‍රමාණයක එම ගංජා වගාව සිදුකර තිබුණු බවත් අඩි දහය දොළහ වැනි උස ප්‍රමාණයන්ට එම ගස් වැඩී තිබුණු බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරීහු පැවැසූහ.

එම ගංජා වගාව තුළ ටැංකි ඉදිකර එම ටැංකි වලට වැසි  ජලය ලබාගෙන එම වැසි  ජලය ප්‍රයෝජනයට ගනිමින් ගංජා වගාව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වු බව පොලිසිය කියයි.

එම ගංජා වගාව සිදුකර තිබූ ස්ථානයේ දිගින් දිගටම ගංජා වගාව සිදුකර ඇති බවට සාදක දකින්නට ලැබුණු බවත් විනාශ කළ ගංජා ගස්වල වටිනාකම රුපියල් ලක්‍ෂ විස්සක් පමණ වියහැකි බව පොලිසිය සදහන් කළාය.

කිලෝ මීටර් තුනක පමණ දුරක් පා ගමනේ ගොස් එම ස්ථානය වැටලුවද ඒ වනවිට සැකකරුවන් එහි දකින්නට නොසිටි බව වැටලීම සිදුකළ නිලධාරීහු පැවැසූහ.



අදහස් (0)

රක්ෂිතයක ගංජා හේනකට ගිනි තියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site