(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් මෙරටට නීති විරෝධී අයුරින් මෙරටට සංක්‍රමණය වෙමින් සිටි පුද්ගලයකු හා එම පුද්ගලයා බෝට්ටුවෙන් රැගෙන ආ ධීවරයින් දෙදෙනකු මන්නාරම මුහුදු සීමාවේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි.
ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයා රැගෙන එම සඳහා දෙදෙනාට අනුබලදුන් හා ඔහුවෙත පහසුකම් සැපයීම සඳහා සුදානම්ව සිටි බවට කියන පුද්ගලයින් දෙදෙනකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බවද නාවික හමුදාව පවසයි.
මීට ඉහතදී ගුවන් මගින් මෙරට සිට ඉන්දියාව වෙත ගොස් ඇති අදාල පුද්ගලයා ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ධීවර බෝට්ටුවක නැගී මුහුදු මගින් දිවයිනට පලාඑමින් සිට ඇති බවට නාවික හමුදාව සැකපලකරති.
ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මන්නාරමට බෝට්ටුමගින් පැමිණ පසුව යාපනය වෙත රැගෙන යාමට සෙසු සැකකරුවන් දෙදෙනා සූදානමින් සිට ඇති බවද පවසයි.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දියාවෙන් ලංකාවට පනින්න හැදූ අයෙක් අල්ලයි