කොරෝනා ආසාදිත ගැබිණි මවුන් හතරකට සාර්ථක සීසේරියන් සැත්කම් කොරෝනා වයිරසය ආසාදනය වූ ගර්භනී මවුවරුන් සිවු දෙනකු සිසේරියන් සැත්කම් මඟින් සාර්ථක දරු උපත් සිදු කිරීමට නිකවැරටිය මූලික රෝහලේ මාතෘ හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමත් විය. 03 June 2021
කරාපිටිය රෝහලේ පිරිසක් පැය හතරක් සේවයෙන් ඉවත් වේ කොරෝනා රාජකාරී ඉටුකිරීමේ දී තමන් මුහුණ දී සිටින ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවයේ විවිධ වෘත්තිකයෝ අද (03) උදෑසන 8.00 සිට 12.00 දක්වා පැය 04ක සංකේත වැඩ වර්ජනයක නිරත වූ අතර දහවල් රෝහලේ දී උද්ඝෝෂණයක් ද කළහ. 03 June 2021
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 555 ක් ගම්පහ දිස්ත්රික්කයෙන්අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොවිඩ් ආසාදිතයින් 555 දෙනෙකු හමුව ඇති බවත් මින් 109 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 03 June 2021
මඩුවේගෙදර සමෘද්ධි බැංකුව වහයි අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශට අයත් වතුපිටිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයේ මඩුවෙගෙදර සමෘද්ධි බැංකුවේ සේවයේ නියුතු සමෘද්ධි නිලධාරිනියකට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම බැංකුව වසා දමා එහි විසි දෙදෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු අද (03) උදෑසන පැවසීය. 03 June 2021
කොටගල එකම පවුලේ 11 දෙනකු ඇතුළු 28 කට කොරෝනා කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් එම පවුලේ 11 දෙනකු ඇතුළු කොවිඩ් 19 ආසාදිතයන් 28 දෙනකු අද(03) ලැබුන පි. සි. ආර්. වාර්තා මත සොයා ගැනිමට හැකිවු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 03 June 2021
එකම බසයෙන් ගිය ඇගළුම් සේවිකාවන් 18 කට කොවිඩ් හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් පිටරත්මලේ , තොටලාගල හා දඹේතැන්න යන තේ වතු වල පදිංචි ඇගළුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණ වලදී අද (3) දා තහවුරු වූ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි . 03 June 2021
වල් අලියෙකුගේ පහරින් පුද්ගලයෙක් මරුට තන්තිරිමලේ මහ සියඹලාගස්වැව ප්‍රදේශයේදී අද (02) වල් අලියෙකු පහරදීමෙන් 47 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි තන්තිරිමලේ පොලිසිය පැවසීය. 02 June 2021
නාවින්න ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන රෝහල කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීම.සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු ආරාධිතයින් ගේ ප්‍රධානත්වයෙන් අද (02) දා සිදු කෙරුණි 02 June 2021
හාලිඇල පොලිසියේ 9 කට කොවිඩ් හාලිඇල පොලිස් ස්ථානයේ නිලධාරින් 9 දෙනෙක් කොවිඩ් අසාධිතයන් බවට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී හදුනාගෙන ඇතැයි හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 02 June 2021
නිධන් හැරූ තිදෙදෙනෙක් අත්අඩංගුවට බේරුවල බුබුල වත්ව ඉපැරණි විහාරස්ථානයක් ඉදිරිපිට පාලු වත්තක නිධන් හාරමින් සිටි බව කියන සැකකාර පුද්ගලයන් තිදෙදෙනෙකු නිධන් හෑරීමට යොදාගත් උපකරණ සමග බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අද (2) අත්අඩංගුවට ගත් බව කියයි. 02 June 2021
රුපියල් මිලියන 8 ක කේරළ ගංජා මන්නාරම් මුහුදුතිරයෙන් අල්ලයි ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රුපියල් මිලියන 8 වටිනා කේරළ ගංජා කිලෝ 29 යි ග්‍රෑම් 800 ක් රැගෙන එමින් සිටි ධීවරයින් දෙදෙනකු මන්නාරම මුහුදු තීරයේදී අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි. 02 June 2021
හබරාදූවේ මහා විද්‍යාල 5ක් ජාතික පාසල් කෙරේ හබරාදූව අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි මහා විද්‍යාල පහක් අධ්‍යපන අමාත්‍යංශය විසින් අලුතෙන් ජාතික පාසල් ලෙස උසස් කර තිබේ. 02 June 2021
අවසරයක් නැති බෙහෙත් පෙති තබා ගත් අයෙක් අල්ලයි බලපත්‍රයක් රුපියල් ලක්ෂ පහකට අධික ඖෂධ පෙති සන්තකයේ තබාගන සිටි දෙදෙනකු දෙහිවල ඕබන් පෙදෙසෙන් අත් අංඩංගුවට ගත් බව ගල්කිස්ස කොටිඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 01 June 2021
වැරැල්ලවත්තට ඇඳන් 500ක් දෙයි ගම්පහ, වැරැල්ලවත්තේ ඉදි කරන නව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය ඇදන් 500 ක් සියනෑ කතිකාව ’’ සංවිධානය රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වෙත බාරදීම සිදු කෙරිණි. 01 June 2021
ඒ.ටී.එම් යන්ත්‍රය නිවස අසලටම සංචරණ සීමා පනවා ඇති කාලය තුළ බැංකු සේවා ලබා ගැනීමට නොහැකි ගනු දෙනු කරුවන්ට බැංකු සේවා ලබාදීමට පිළියන්දල එස්.ඔ.එස් ගම්මානයේ දී අද සිදු විණි. 31 May 2021
දොම්පේ රෝහලට ඔක්සිජන් යන්ත්‍රයක් දොම්පේ ‘හෙළ සුවය භාවනා ආරාණ්‍ය සේනාසනය’ සහ රේගු නිලධාරීන් පිරිසගේ අනුග්‍රහයෙන් දොම්පේ ප්‍රාදේශීය රෝහලේ ‘කොවිඞ්’ රෝගී ප්‍රතිකාර ඒකකයට එකවර පුද්ගලයන් සිවුදෙනකුට ඔක්සිජන් ලබාදිය හැකි යන්ත්‍රයක් ප්රදානය කළහ. 31 May 2021
ගෙවුණු පැය 24 දී කොරෝනා අසාදිත වු 172 දකුණෙන් කෙරෝනා වෛරසය ආසාදනයවු තවත් පුද්ගලයින් 172ක් ගෙවුණ පැය 24 දි දකුණු පළාතෙන් හමුව ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතාපැවසිය. 31 May 2021
දිවුලපිටියෙන් අද කොරෝනා ආසාදිතයින් 74 ක් දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුල අද (31) වන විට අලුතින් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් හැත්තෑ හතර දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 31 May 2021
විදුලි රැහැනක පැටලී තිදරු පියා මරුට බගවන්තලාව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරිමට ගිය තිදරු පියෙකු රක්ෂිතය හරහා ඇද තිබු අනවසර අධි බලැති විදුලි රැහැනක ගැටි එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය කියයි. 31 May 2021
ගෙවුණ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 566 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු හමුව ඇති බවත් මින් වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය සදහන් කරයි. 30 May 2021
සංචරණ සීමා කඩන්නන් සොයා ඩ්‍රෝන මෙහෙයුම් දර්ගා නගරය ප්‍රදේශයේ සංචරණ සීමා හා සෞඛ්‍යය නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නිලධාරීහු ඩ්‍රෝන මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ . 30 May 2021
කාන්තා මළ සිරුරක් හලාවත රේල් බොක්කුවක් යට ඝාතනය කරන ලද බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් හලාව ත පුත්තලම දුම්රිය මාර්ගයේ දැදුරු ඔය රේල් බොක්කුවක් යට තිබි අද ( 30 දා ) සොයා ගත් බව හලාවත පොලිසිය කියයි. 30 May 2021
මහියංගණය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 21කට කොරෝනා මහියංගණය, මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යස ලාභීන් 21 දෙනෙකු කොවිඩ් 19 ආසාධිතයන් බව එහිදී සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදි අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 30 May 2021
මහනුවරින් දිනක් තුළ ආසාදිතයින් 204 ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ (29) පෙරවරුව දක්වා වූ පැය 24 ක කාලය තුල නව කොවිඩ් 19 රෛවස ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වී ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. 30 May 2021
බසයක් පෙරැළි 15 ක් රෝහලේ රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයේ නිවිතිගල 13 කණුව ප්‍රදේශයේදි අද (30) උදෑසන බස් රථයක් පෙරලීමෙන් තුවාල ලද පුද්ගලයන් 15 දෙනෙකු නිවිතිගල වතුපිටිය සහ රත්නපුර ශික්ෂණ රෝහල්වලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. 30 May 2021
වැස්සෙන් නුවරඑළියේ පවුල් 186 ක් පිඩාවට පවතින වැසිසහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රිකකයේ පවුල් 186 ක පුද්ගලයන් 704 කු අද (29) වනවිට පීඩාවට පත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසීය. 29 May 2021
ජංගම වෙළඳරථ නොපැමිණීමෙන් කුරුණැගල ජනතාව අසීරුතාවේ අත්‍යාවශ්‍ය සේවා සහිත ජංගම වෙළඳ රථ නොපැමිණීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාගරික මෙන්ම ග්‍රාමීය මට්ටමේ පදිංචි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ. 29 May 2021
වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකුට කොරෝනා වතුපිටිවල මූලික රෝහලේ දොළහ වාට්ටුවවේ (පිරිමි) නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සාමාන්‍ය රෝගීන් දෙදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව කොවිඩ් වාට්ටුවට මාරු කළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 29 May 2021
කොල්ලකෑම්-අපරාධ වලට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී කොල්ලකෑම් ඇතුලු අපරාධ ගණනාවකටම සම්බන්ධ බව කියන අපරාධ කරුවන් දෙදෙනෙකු , ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය කියයි. 28 May 2021
කොරෝනා ආසාදිත අ‘පුරේ කාන්තාවන් 80 ක් නිවෙස්වලම අනුරාධපුරයේ කොරෝනා ආසාධිත කාන්තාවන්ට ප්‍රතිකාර සදහා ප්‍රමාණවත් රෝහල් මධ්‍යස්ථාන නොවිමේ හේතුවෙන් කාන්තාවන් 80 දෙනකු පමණ මේ වනවිට සිය නිවෙස්වලම රදවා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ තේජන සෝමතිලක මහතා පවසයි. 28 May 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025