( මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ (29) පෙරවරුව දක්වා වූ පැය 24 ක කාලය තුල නව කොවිඩ් 19 රෛවස ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වී ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කයෙන් තෙවන රැල්ලේදී වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් ගණන 5887 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
මහනුවර දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස 20 කින් මෙම නව ආසාදිතයින් 204 දෙනා වාර්තා වී තිබේ.
ඒ අනුව අකුරණින් එක් ආසාදිතයෙකු , දොළුවෙන් ආසාදිතයින් දෙදෙනෙකු, ගලගෙදරින් එක් ආසාදිතයෙකු, ගලහින් ආසාදිතයින් තිදෙනෙකු, ගඟඉහළ කෝරළයෙන් ආසාදිතයින් 14 දෙනෙකු, ගඟවට කෝරළයෙන් ආසාදිතයින් 29 දෙනෙකු, හාරිස්පත්තුවේ එක් ආසාදිතයෙකු, හතරලියද්දෙන් ආසාදිතයින් 11 දෙනෙකු, මහනුවර මහ සගර සභා බල ප්‍ර දේශයෙන් ආසාදිතයින් 14 දෙනෙකු, කුණ්ඩසාලෙන් ආසාදිතයින් 17 දෙනෙකු, මැණික්හින්නෙන් ආසාදිතකයින් 33 දෙනෙකු, පන්විලෙන් එක් ආසාදිතයෙකු, පස්බාගේ කෝරළයෙන් ආසාදිතයින් 27 දෙනෙකු, පාතදුම්බරින් ආසාදිතයින් හත් දෙනෙකු, පාතහේවාහැටෙන් ආසාදිතයින් හතර දෙනෙකු, පූජාපිටියෙන් එක් ආසාදිතයෙකු, උඩදුම්බරින් ආසාදිතයින් 13 දෙනෙකු, උඩපළාතෙන් ආසාදිතයින් හතර දෙනෙකු, යටිනුවරින් ආසාදිතයින් 20 දෙනෙකු ඇතුළුව ආසාදිතයින් නව ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.
මේ අතර මහනුවර දිස්ත්‍රීක්කයේ කොවිඩ් ආසාදිත මරණ170 ක් ද මේ දක්වා වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd