IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මහනුවරින් දිනක් තුළ ආසාදිතයින් 204 ක්

 (  මොහොමඩ්  ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයෙන්   ඊයේ (29) පෙරවරුව  දක්වා වූ පැය 24 ක කාලය තුල  නව කොවිඩ් 19 රෛවස  ආසාදිතයින්  204   දෙනෙකු වාර්තා වී ඇති බව    මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කයෙන්  තෙවන රැල්ලේදී  වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් ගණන 5887 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

මහනුවර දිස්ත්‍රික්කයට අයත්  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස 20 කින්  මෙම  නව  ආසාදිතයින් 204  දෙනා වාර්තා වී  තිබේ.

ඒ අනුව අකුරණින්  එක්  ආසාදිතයෙකු ,    දොළුවෙන් ආසාදිතයින් දෙදෙනෙකු,  ගලගෙදරින් එක් ආසාදිතයෙකු,  ගලහින් ආසාදිතයින් තිදෙනෙකු,  ගඟඉහළ කෝරළයෙන් ආසාදිතයින් 14 දෙනෙකු,  ගඟවට කෝරළයෙන් ආසාදිතයින් 29 දෙනෙකු, හාරිස්පත්තුවේ එක් ආසාදිතයෙකු, හතරලියද්දෙන් ආසාදිතයින් 11 දෙනෙකු,  මහනුවර මහ සගර සභා බල ප්‍ර දේශයෙන් ආසාදිතයින් 14 දෙනෙකු,  කුණ්ඩසාලෙන් ආසාදිතයින් 17 දෙනෙකු,  මැණික්හින්නෙන් ආසාදිතකයින් 33 දෙනෙකු,  පන්විලෙන් එක් ආසාදිතයෙකු,  පස්බාගේ කෝරළයෙන් ආසාදිතයින් 27 දෙනෙකු, පාතදුම්බරින් ආසාදිතයින් හත් දෙනෙකු,  පාතහේවාහැටෙන් ආසාදිතයින්  හතර දෙනෙකු,  පූජාපිටියෙන් එක්  ආසාදිතයෙකු,  උඩදුම්බරින් ආසාදිතයින්  13 දෙනෙකු,  උඩපළාතෙන් ආසාදිතයින්  හතර දෙනෙකු,  යටිනුවරින් ආසාදිතයින්   20 දෙනෙකු ඇතුළුව ආසාදිතයින්  නව ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.

මේ අතර මහනුවර දිස්ත්‍රීක්කයේ කොවිඩ් ආසාදිත මරණ170 ක්  ද  මේ දක්වා වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

 



අදහස් (0)

මහනුවරින් දිනක් තුළ ආසාදිතයින් 204 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site