
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන්අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොවිඩ් ආසාදිතයින් 555 දෙනෙකු හමුව ඇති බවත් මින් 109 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
කොවිඩ් දෙවන රැල්ලේ ඊයේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38,235 දෙනෙකු හමුව ඇති අතර දෛනිකව ආසාදිතයින් හමුවීම 500 ඉක්මවා පෙන්නුම් කරන තත්ත්වයක් පවතී.
ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම කැලණිය කොට්ඨාසයෙන් ආසාදිතයින් - 67 ක්, බියගම - 60 ක්, වත්තල - 58 ක්, අත්තනගල්ල - 40 ක්, ගම්පහ - 39 ක්, දිවුලපිටිය - 34 ක්, මීරිගම - 29 ක්, රාගම සහ ජාඇල ආසාදිතයින් 26 දෙනෙකු බැගින්, මිනුවන්ගොඩ - 21 ක්, දොම්පෙ - 17 ක්, මීගමුව - 16 ක්, සීදූව - 9 ක් සහ කටාන කොට්ඨාසයෙන් ආසාදිතයින් 4 දෙනෙකු වශයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ප්‍රධාන හේතුව ඇඟලුම් කර්මාන්තය විය හැකියි. ලංකාවේ වැඩිම කර්මාන්ත ප්‍රමාණයක් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. සේවිකාවන් යන්නේ පොදු ප්‍රවාහන වාහනවල. බොහෝ අය ඉන්නේ පහසුකම් නොමැති බෝඩින්වල... වාසු, විමල් වගේ කෝටිපති කම්කරු නායකයින් මේවා දන්නේ නෑ. මැදමුලනේ වළං හේදීම හැර වෙන වැඩක් ඔවුන්ට නෑ.