
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන්අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොවිඩ් ආසාදිතයින් 555 දෙනෙකු හමුව ඇති බවත් මින් 109 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
කොවිඩ් දෙවන රැල්ලේ ඊයේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38,235 දෙනෙකු හමුව ඇති අතර දෛනිකව ආසාදිතයින් හමුවීම 500 ඉක්මවා පෙන්නුම් කරන තත්ත්වයක් පවතී.
ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම කැලණිය කොට්ඨාසයෙන් ආසාදිතයින් - 67 ක්, බියගම - 60 ක්, වත්තල - 58 ක්, අත්තනගල්ල - 40 ක්, ගම්පහ - 39 ක්, දිවුලපිටිය - 34 ක්, මීරිගම - 29 ක්, රාගම සහ ජාඇල ආසාදිතයින් 26 දෙනෙකු බැගින්, මිනුවන්ගොඩ - 21 ක්, දොම්පෙ - 17 ක්, මීගමුව - 16 ක්, සීදූව - 9 ක් සහ කටාන කොට්ඨාසයෙන් ආසාදිතයින් 4 දෙනෙකු වශයෙනි.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
889
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 555 ක්
bandara Thursday, 03 June 2021 11:56 AM
මේකට ප්‍රධාන හේතුව ඇඟලුම් කර්මාන්තය විය හැකියි. ලංකාවේ වැඩිම කර්මාන්ත ප්‍රමාණයක් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. සේවිකාවන් යන්නේ පොදු ප්‍රවාහන වාහනවල. බොහෝ අය ඉන්නේ පහසුකම් නොමැති බෝඩින්වල... වාසු, විමල් වගේ කෝටිපති කම්කරු නායකයින් මේවා දන්නේ නෑ. මැදමුලනේ වළං හේදීම හැර වෙන වැඩක් ඔවුන්ට නෑ.