හොරෙන් ගෙනා දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට බේරුවල චීන කොටුව ප්‍රදේශය හරහා සංචරණ නීති උල්ලංඝනය කරමින් නීති විරෝධීව තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා විදෙස් දුම්වැටි 3000 සමග සැකකරුවෙකු බේරුවල චීන කොටුව ප්‍රදේශයේ අද (9) තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව අලුත්ගම ගාලු පාරේ පොලිස් අපරාධ කොට්ඨාසයේ උසස් නිළධාරියෙකු පැවසීය . 09 June 2021
නාය යාමකින් උඩුනුවර ප්‍රදේශයේ පවුල් 11ක් අවතැන් නාය යාමට ලක් වූ මහනුවර උඩුනුවර කඹුරාදෙණිය වසමේ උලත්කොන්ඩ ගම්මානයේ පවුල් 11 ක අවතැන් වු පිරිසක් හන්දෙස්ස මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට තාවකාලිකව රැගෙන ආ බව දවුලගල පොලිසිය පැවසිය. 09 June 2021
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහලට අත්තනගලු ඔයෙහි ජල මට්ටම යළිත් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බව ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 09 June 2021
ඝාතනයක් සිදු කළැයි 5 ක් අත්අඩංගුවට ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කඩුවකින් කපාකොටා බරපතල තුවාල සිදුකිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලීසිය පැවසීය. 09 June 2021
ජල ව්‍යාපෘතියක මුරකරු මරාදමලා බලන්ගොඩ වැලිගෙපොල තල්ගස්ඕවිට ප්‍රදේශයේ ඇති පෞද්ගලික ප්‍රජා ජල ව්‍යපෘතියක මුරකරැවෙකු අද (09) ද ඝාතනය කර දමා ඇතැයි පොලිසිය පැවසීය. 09 June 2021
සූදු ක්‍රීඩාවේ යෙදුණු කාන්තාවන් තුනක් ඇතුළු පහක් අත්අඩංගුවට රෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් පානදුර, කළුදෑවල ප්‍රදේශයේ නිවසක් තුළ සූදු කෙළිමින් සිටි කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. 08 June 2021
මහියංගණ රෝහලේ කණිෂ්ඨ සේවකයෝ පාරට බසිති මහියංගණ මුලික රෝහල ඉදිරිපිටදී රෝහලේ කණිෂ්ඨ සේවක මණ්ඩලය අද (08) නිහඩ විරෝධතාවයක නිරත වූහ 08 June 2021
කැලණිගඟ පිටාර ගැලීමෙන් කොළඹ පවුල් 17,514 පීඩාවට කැළණි ගග පිටාර ගැලීම නිසාවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 17,514 කට අයත් පුද්ගලයින් 70,451 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි 08 June 2021
වයෝවෘද්ධ අඹුසැමි යුවළට පහරදුන් කොස්තාපල් අත්අඩංගුවට වයෝවෘද්ධ අඹුසැමි යුවළකට පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ගෝනපතිරාවේදි අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි. 08 June 2021
මිනීවළ හාරා රන් සෙව් දෙදෙනකු අත්අඩංගුවට යාපනය, වැල්වැටිතුරෙයි, උරිකාඩු හි සුසාන භූමියේ තැන්පත්කළ මෘතදේහවල රන් භාණ්ඩ සෙවු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි. 08 June 2021
බගවන්තලාවේ වතු 5 කින් ආසාදිතයින් 46 ක් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු පහකින් අලුතින් ආසාදිතයන් 46 දෙනකු අලුතින් හමුව ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 08 June 2021
සබරගමුවේ ආදයම්බලපත් නිකුත් කිරීම තවත් පමා වෙයි පවතින කොව්ඩ් වසංගත තත්වය හේතුවෙන් සබරගමු පළාත තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් කල්තබන බව ප්‍රධන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය පැවසීය. 08 June 2021
වැරැල්ලවත්තේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කරයි යක්කල , වැරැල්ලවත්තේ ඉදිකළ ඇදන් 2,500 ක් යෙදිය හැකි කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම අද (7) සවස සිදු කෙරිණි. 07 June 2021
මහනුවර දිස්ත්ත්රික්කයේ ආසාදිතයින් 11062 ක් දක්වා ඉහළට මහනුවර දිස්ත්‍රික්කය තුලින් අද( 07 ) පෙරවරුව දක්වා වූ පැය 24 ක කාලය තුල නව කොවිඩ් 19 රෛවස ආසාදිතයින් 132 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාතිදයින් ගණන 11062 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. 07 June 2021
වැස්සෙන් ජාඇල පවුල් 4,913 ක් පීඩාවට පසුගිය දින කිපය තුළ ඇද හැලුන දැඩි වර්ෂා පතනය නිසා ජාඇල ප්‍රාදේශිය ලේකම් කොටිඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 57 න් වසම් 36 ක් ගංවතුරට යටවි ඇති බව ජාඇල ප්‍රාදේශිය ලේකම් ආසිරි විරසේකර මහතා පවසයි. 07 June 2021
කෝටි එකහමාරක ගංජා කිලෝ 96ක් යාපනයෙන් සොයා ගනී යාපනය නගර් කෝවිල් ප්‍රදේශයේ සිදුකර සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 96ක් අද (07) සොයාගත් බව නාවික හමුදාව පැවසීය. 07 June 2021
වෙඩි බෙහෙත් -තුවක්කු 6 ක් ළග තබාගත් අයෙක් අත්අඩංගුවට වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සහ බදින තුවක්කු 6 ක් ළඟ තබාගෙන සිටි ඔලුකරඳ වැව පාරේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය පවසයි. 07 June 2021
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට වාහන නඩත්තු කටයුතු සිදුකිරීමේදී පළඳින ‘ගරාජ් කිට්’ ඇඳුමක් හැඳ පොලිස් මාර්ග බාධක වල නිලධාරීන්ගෙන් සූක්ෂමව ගැළවී, මහාපරිමාණයෙන් මත්කුඩු ජාවාරමක නිරතවූ ගරාජ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි. 06 June 2021
මහ වැස්සෙන් ගම්පහ දෙදෙනෙක් මරුට තෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දෙදෙනකු මියගොස් පවුල් 39,742 ක සාමාජිකයින් 1,61,387 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි. 06 June 2021
කැස්බෑ සිරුරු දෙකක් දෙහිවල මුහුදු තීරයට ගොඩ ගසයි දෙහිවල ඕබන් වෙරල තීරයට විශාල ප්‍රමාණයේ කැස්බෑවන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසා තිබියදී හමුවූ බව පොලීසිය කියයි. 06 June 2021
ලුණුගල ජංගම වෙළෙඳ බලපත් අලුතින් නිකුත් කරයි ජංගම වෙළද රථ මගින් පාරිභෝගිකයන් ගේ නිවෙස් අසළට ගොස් අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය විකිණීම සඳහා ලුනුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදී තිබූ බලපත් සියල්ල අවලංගුකරිමට පියවර ගත් බව ලුනුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායකක මහතා පැවසීය . 06 June 2021
ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 460 කොරෝනා ආසාදිතයින් 460 දෙනෙකු අද (6) ගතවූ පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති අතර ඉන් 73 දෙනෙකු වන වැඩිම පිරිසක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව තිබිණි. 06 June 2021
දියවන්නාවේ ජලමට්ටම ඉහළ යාමෙන් පවුල් 1,078 ක් අවතැන් පවතින වැසිබර කාලගුණික තත්ත්වයෙන් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දියවන්නාවේ ජලමට්ටම ඉහළ ගොස් ඇළ මාර්ග උතුරා යාමෙන් පවුල් 1,078 ක පුද්ගලයන් 4,429 ක් අවතැන්ව ඇතැයි කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා පවසයි. 06 June 2021
ගංවතුරේ පිහිනිමට ගිය අයෙක් මරුට ගංවතුරේ පිහිනා යාමට ගිය අයෙකුගේ මළ සිරුරක් නියාගම අක්කර හැටනවය ප්‍රදේශයේදී සොයාගත් බව පිටිගල පොලීසිය කියයි. 06 June 2021
මිල්ලනියේ ඔකන්දුව පාළම අසළ දිය නෑ අයෙක් ගසා ගෙන යයි අධික වර්ෂාවෙන් පිටාර ගැලූ ජලයේ මිල්ලනිය ඔකන්දූව පාලම අසල දිය නාමින් සිටි පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි 04 June 2021
බදුල්ල බන්ධනාගාරයෙන් තවත් අසාදිතයින් 19 ක් බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 19දෙනකු අද (4) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් හදුනා ගනු ලැබූ බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි . 04 June 2021
යාපනයේ ගෙවත්තක බෝම්බ දෙකක් යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමේ අරාලි දකුණ ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක තිබූ බෝම්බ දෙකක් තිබී සොයාගත් බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි. 04 June 2021
දී ඇල් ඔය පිටාර ගැලීමෙන් අත්තනගල්ලේ 2,882 ක් අවතැන් දී ඇල් ඔය පිටාර ගැලීම හේතුවෙන් අද (04) උදෑසන වන විට අත්තනගල්ල කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් විසි දෙකක නිවාස 737 ක් ජලයෙන් යට වී පුද්ගලයින් 2,882 ක් අවතැන් වී සිටින බව අත්තනගල්ල ආපදා සහන සේවා නිලධාරී ටී බී නිර්මාල් මහතා පැවසීය. 04 June 2021
දික්ඔය එකම පවුලේ 10 ක් ඇතුළු 23කට කොරෝනා හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ එකම පවුලේ 10 ක් ඇතුළු කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනකු අද 04 ලැබුණු පි. සි. ආර්. වාර්ථා මත තහවුරුවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පැවසීය. 04 June 2021
නිරෝධායන නීති සංචරණ සිමා කඩකළ පුද්ගලයින් 15ක් අත්අඩංගුවට කලවාන ප්‍රදේශයේ නිරෝධායන නීති හා සංචරණ නිතී කඩ කල පුද්ගලයන් පහළොවක් අද (03) වනදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය . 03 June 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025