IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 460

(තිලකරත්න දිසානායක.)

කොරෝනා ආසාදිතයින් 460 දෙනෙකු අද (6) ගතවූ පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති අතර ඉන් 73 දෙනෙකු වන වැඩිම පිරිසක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව තිබිණි.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ගතවූ පැය  24 ක් තුල මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් ආසාදිතයින්  - 68 දෙනෙකුද, අත්තනගල්ල  - 60 ක්, ජාඇල  - 53 ක්,  මහර  - 41 ක්, බියගම  - 33 ක්,  දොම්පෙ  - 32 ක්, කැලණිය  - 24 ක්,  දිවුලපිටිය - 21 ක්, වත්තල  - 16 ක්,  ගම්පහ  - 13 ක්,  මීගමුව  - 11 ක්,  කටාන   - 9 ක්,  මීරිගම  - 4 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් දෙදෙනෙකු හමුවී ඇතැයි සඳහන්ය.

එම කාලය තුල ප්‍රතිකාර සඳහා දිස්ත්‍රික්කයෙහි රෝහල් වෙත ඇතුලත් කොට ඇති ආසාදිතයින් සංඛ්‍යාව 294 දෙනෙකු වන අතරආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,651 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි ද එහි සඳහන්ය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

         

 



අදහස් (0)

ගතවු පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 460

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site