IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දියවන්නාවේ ජලමට්ටම ඉහළ යාමෙන් පවුල් 1,078 ක් අවතැන්

( රේඛා තරංගනී ෆොන්සේකා)

පවතින වැසිබර කාලගුණික තත්ත්වයෙන් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දියවන්නාවේ ජලමට්ටම ඉහළ ගොස් ඇළ මාර්ග උතුරා යාමෙන් පවුල් 1,078 ක පුද්ගලයන් 4,429 ක් අවතැන්ව ඇතැයි කෝට්ටේ  ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා පවසයි..

ජල ගැල්මට හසුව අවතැන් වූ ජනතාවට රුපියල් ලක්ෂ දහයකට ආසන්න වියදමකින්  පිසූ ආහාර වේල් තුනටම ලබාදීමටත් පවුල් 42 ආරක්ෂිත ස්ථාන කරා පිටත් කර හැරීමටත් කටයුතු කර ඇති බවද ඒ මහතා කියයි..

ග්‍රාම සේවා වසම් 13ක ජනතාව එසේ අවතැන්ව සිටින බව ඒ මහතා පැවසීය.

ඒ අනුව 514වැලිකඩ නැගෙනහිර, 522 පිටකොට්ටේ බටහිර, 514D වැළිකඩ උතුර,514C ඔබේසේකරපුර, 526ගංගොඩවිල දකුණ,526C ගංගොඩවිල නැගෙනහිර ,514Aවැළිකඩ බටහිර 521Aඇතුල්කෝට්ටේ බටහිර, 530B නාවල නැගෙනහිර, 520 නාවල බටහිර 520A කොස්වත්ත 521 ඇතුල්කෝට්ටේ, 522 පිටකොට්ටේ නැගෙනහිර ජනතාව අවතැන්ව සිටින බව ඈපා මහතා පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ සහ පාර්ලි මේන්තු මන්ත්‍රි මදුර විතානගේ, පුරපති අයි.ඒ.වී ප්‍රේමලාල් යන මහත්වරුන්ගේද සහාය ඇතිව සහන සැලසීමට කටයුතු කර ඇති බවද  ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා පැවසීය.

 



අදහස් (0)

දියවන්නාවේ ජලමට්ටම ඉහළ යාමෙන් පවුල් 1,078 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site