IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැස්සෙන් ජාඇල පවුල් 4,913 ක් පීඩාවට

( තිස්ස කොටින්කඩුව)

පසුගිය දින කිපය තුළ ඇද හැලුන දැඩි වර්ෂා පතනය නිසා ජාඇල ප්‍රාදේශිය ලේකම් කොටිඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 57 න් වසම් 36 ක් ගංවතුරට යටවි ඇති බව ජාඇල ප්‍රාදේශිය ලේකම් ආසිරි විරසේකර මහතා පවසයි.

මේ තත්ත්වය නිසා පවුල් 4,913 පිඩාවට පත්ව ඇති අතර අවතැන්වු පුද්ගල සංඛ්‍යාව 18,357 වන බවද ප්‍රාදේශිය ලේකම් වරයා සදහන් කළේය.මේ අතර පුර්ණ නිවාස හානි 10 ක්ද වන බව හෙතෙම පවසා සිටියේය.

ජාඇල නගරාධිපති ශම්ම්ක ඩයස් මහතා පවසා සිටියේ ජාඇල ඇල ඉවුරේ පැති බැමිමේ එක් කොටසක් අධික ජල පහරට ලක්ව කැඩියාම නිසා ජලය පිටාර ගලා ඒ අවට පිහිටි ඉදිවිටිය,බෝධිරාජ මාවත,පාරිස් පෙරේරා පෙදෙස,දීපිකා ගමිමානය,කලඑලිය ගමිමානයේ නිවාස රැසක් සහ  සුපිරි නිවාස සංකිර්ණයක් වු ජාඇල ලේක් සිටියේ නිවාස 500 කට ආසන්න ගණනක් ගංවතුරෙන් යටවි දැඩි අලාභ හානි සිදුව ඇති බවය.

ජාඇල ඇළේ පිටාර ගලන ජලධාරාව නවතා ගැනිම සදහා වැලි කොටිට දමා පැති බැම්ම තාවකාලිකව ආරක්ෂා කරගැනිම සහ ආපදාවට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් කටයුතුවල පොලිසිය, ත්‍රිවිද හමුදාව සහ ආපදා සහන සේවා කණ්ඩායම් නිරතව සිටින බවත් හදිසි ආපදාවට ලක්වූවන් බේරා ගැනීම සඳහා බෝට්ටු ඇතුළු උපකරණ ස්ථානගත කර තිබෙන බව නගරාධිපති වරයා පැවසිය.

අවතැන්වුවන් සදහා පාසැල්,පන්සල්,ප්‍රජාශාලා ඇතුලු තාවකාලික රැදවුමි මධ්‍යස්ථාන 11 ක් සෞඛ්‍ය අංශයේ පුර්ණ උපදෙස් මත මේ වන විට ස්ථාපති කර ඇති අතර ජාඇල ආපදා සහන සේවා නිලධාරි සමන් කුමර මහතාගේ ප්‍රධානත්වයෙන් අවතැන්වුවන්ට පිසු ආහාර සහ අනෙකුත් අවශ්‍යතාවයන් සපයා දිමට ජාඇල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහන සේවා ඒකකය කටයුතු කරගෙන යන බව ප්‍රාදේශිය ලේකමි ආසිරි විරසේකර මහතා කියයි. 



අදහස් (0)

වැස්සෙන් ජාඇල පවුල් 4,913 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site