IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිනීවළ හාරා රන් සෙව් දෙදෙනකු අත්අඩංගුවට

( සිතුම් චතුරංග)

යාපනය, වැල්වැටිතුරෙයි, උරිකාඩු හි සුසාන භූමියේ තැන්පත්කළ මෘතදේහවල රන් භාණ්ඩ සෙවු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි.

උරියකාඩු සුසාන භූමියෙහි වසර දහයකට පෙර වළදැමූ මිනී වළවලක් තුළ කැණීම් කොට රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහ කරන පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිනිවළ හාරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පැවසීය.

පොලිසිය පැවසූයේ සැකකරුවන් දෙදෙනා ධීවර රැකියාව කරන අතර  වසර ගණනක සිට උරිකාඩු හි සුසාන භූමියේ කුලීපදනම මත මිනී වළවල් හැරීමද සිදුකරන බවයි.

මීට වසර දහයකට පෙර මියගිය ව්‍යාපාරිකයකුගේ මෘතදේහයතුල රත්තරන් තැන්පත් කොට ඇති බවට වසර ගණනක සිට ප්‍රදේශයේ පැතිරගිය කටකතාවක් හේතුවෙන් සැකකරුවන් දෙදෙනා එම මිනීවළ හාරා රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහදරා ඇති බව පොලිසිය පැවසීය.

සැකකරුවන් සුසාන භූමියේ මිහිදන්කොට තිබෙන වෙනත් මෘතදේහයන්ගේ රන්භාණ්ඩ ලබාගැනීම සඳහා කැණීම්කල පිරිසක්ද යන්න සොයා විමර්ශන සිදුකරන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් හා 50 ක් වන පුද්ගලයින් වන අතර පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මිනීවළ හාරා රන් සෙව් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site