IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහනුවර දිස්ත්‍ත්‍රික්කයේ ආසාදිතයින් 11062 ක් දක්වා ඉහළට

(    මොහොමඩ්  ආසික්)

මහනුවර දිස්ත්‍රික්කය  තුලින්  අද( 07  ) පෙරවරුව  දක්වා වූ පැය 24 ක කාලය තුල  නව කොවිඩ් 19 රෛවස  ආසාදිතයින්  132    දෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කයෙන්   වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් ගණන 11062  ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්  මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයට අයත්  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස 16 කින්  මෙම  නව  ආසාදිතයින් 132   දෙනා වාර්තා වී  තිබේ.

උඩනුවරින් එක් අයෙකු, උඩදුම්බරින් පස් දෙනෙකු,  පාතදුම්බරින් පස් දෙනෙකු,  පස්බාගේ කෝරළයෙන්  හය දෙනෙකු,  මැණික්හින්නෙන් 38 දෙනෙකු,  මැදදුම්බරින්  සිව් දෙනෙකු,  මහනුවර මහ නගර සභා බල ප්‍ර දේශයෙන්  පස් දෙනෙකු,  කුණ්ඩසාලෙන්  16 දෙනෙකු,   මිනිපෙන් 24 දෙනෙකු.  හාරිස්පත්තුවෙන් දෙදෙනෙකු, ගඟවට කෝරළයෙන් දෙදෙනෙකු, ගඟඉහළ කෝරළයෙන් 15 දෙනෙකු ගම්පොළින් දෙදෙනෙකු,  ගලහින් දෙදෙ කු,  ගලගෙදරින් එක් අයෙකු,  දොළුවෙන් පස් දෙනෙකු වශයෙන් ගෙවුණු පැය 24 තුල රෝගින්  වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහ නගර සභා බල ප්‍ර දේශයෙන් වන අතර එය 1202 ක් වෙයි.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කොවිඩ් මරණ 235 ක්ද වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.

 



අදහස් (1)

මහනුවර දිස්ත්‍ත්‍රික්කයේ ආසාදිතයින් 11062 ක් දක්වා ඉහළට

සනත් ඉතාලිය Monday, 07 June 2021 07:29 PM

මේවාට ප්‍රතිචාර දාන්න එකෙක් නැහැ. හැබැයි පියුමිගේ රෙදි බෑග් එක ගැන ලියන්න කට්ටිය පෝලිමේ. අඩු ගානේ කොරෝනා වලින් මුලු ලෝකෙම සුවපත් වේවා කියලා ආශිර්වාදයක් වත් දමපල්ලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site