( ශාන්ත චන්ද්‍රසිරි)
පවතින වැසිසහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රිකකයේ පවුල් 186 ක පුද්ගලයන් 704 කු අද (29) වනවිට පීඩාවට පත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසීය.
නුවරඑළිය හා හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පුද්ගලයන් පස් දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 94 කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ මහතා කීය.
අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 76 ක පුද්ගලයන් 276 කු පීඩාවට පත්ව නිවාස 33 කට අර්ධ හානි සිදුව ඇති බවත් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 16 ක පුද්ගලයන් 59 ක් පීඩාවට පත්ව නිවාස 14 කට අර්ධ හානි සිදුව ඇති බවද ඒ මහතා කීය.
නුවරඑළිය ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 53 ක පුද්ගලයන් 185 කු පීඩාවට පත්ව නිවාස හතක් අර්ධ හානියට ලක්ව ඇති බවත් කොත්මලේ ලේකම් කොට්ඨාශයේ පවුල් 36 ක පුද්ගලයන් 161 කු පීඩාවට පත්ව නිවාස 35 ක් අර්ධ හානියට ලක්ව ඇති බවද ඒ මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd