
(අධිකාරි මුදියන්සේ සහ හේමලතා ඩී හේවගේ)
කොළඹ - කුරුණෑගල මාර්ගයේ දඹදෙණිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී ලොරි රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් අද (13) උදෑසන සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව වෑන් රථයේ ගමන්ගත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසයි .
ගිරිඋල්ලේ සිට නාරම්මල දෙසට ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් මෙසේ යකඩ පැටවූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
යකඩ පැටවූ ලොරි රථය ඉන්ධන පිරවුම්හලේ සිට මහා මාර්ගයට දැමීමේදී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි. අනතුරෙන් මිය ගිය වෑන් රථයේ රියදුරු විලගෙදර,ගොනවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 පුද්ගලයෙකු බවත් වෑන් රථයේ ගමන්ගත් ඇඟලුම් සේවකයින් 07 දෙනෙකු බරපතළ තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
අනතුරෙන් ලොරි රථයේ රියැදුරු ද තුවාල ලබා ප්‍රතිකාර ලබන බවත් ගිරිඋල්ල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැවසීය.
අනතුර සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරින් අයෙක් මරුට:7 ක් රෝහලේ