
(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක හුදකලා කර ඇති ග‍්‍රාම නිලධාරී වසම් 49ක 15000ක් පමණ වූ ජනතාවට ජංගම රථ යොදා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව බෙදාහැරිමට කටයුතු කළ බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක මුලූ ග‍්‍රාම නිලධාරී වසම් ගණන 574කි.
රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා වයිරස් මර්දන කාර්ය සාධක බලකා කමිටුව වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ අමතමින් ඇය මේ බව පැවසුවාය.
පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මුලිකත්වයෙන් මෙම කමිටුව වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවැත්විනි.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන රත්නපුර නගරයේ ෆාමසි හැර අනෙකුත් සියලූම වෙළ`දසැල් රාත‍්‍රී 07.00න් පසුව වසා දැමීමටත්, ජනතාව වැඩිපුර එක්රැුස්වන දිස්ත‍්‍රික්කයේ සෙසු සෑම නගරයකම ෆාමසි හැර අනෙකුත් සියලූම වෙළ`දසැල් සවස 06.00න් පසු වසා දැමීමටත් තීරණය කළ බව ද දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හුදකලා ප්‍රදේශවලට එළවළු ජංගම රථවලින්