
(කිතුල්ගල අංජුල නිශාන්ත)
අධික වර්ෂාවත් සමඟ ඇති වු අකුණු සැර වැදීමෙන් යටියන්තොට කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
මෙසේ තුවාල ලබා තැලිගම රෝහලට ඇතුලත් කර ඇත්තේ කිතුල්ගල කිරිකොහුතැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
මෙම කාන්තාව නිවසේ සිටියදී අකුණු සැර වැදී ඇති අතර පසුව වමනය හා කලාන්ත ගතිය හේතුවෙන් රෝහල් ගත කර ඇත.
එමෙන්ම යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස විසි දෙකකට හානි සිදු වී ඇති බව යටියන්තොට ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
මෙම අකුණු සැර වැදීම හේතුවෙන් කිරිකොහුතැන්න ප්‍රදේශයේ නිවාස විස්සකට ද මල්වත්ත වසමේ නිවසකටද සීපොත් ප්‍රදේශයේ එක් නිවසකද හානි සිදු වී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd