IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියේ මුදල් පමාවෙන් කොන්ත්‍රාත්කරුවෝ අපහසුවේ

(ගයාන් සූරියආරච්චි)

‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය වෙනුවෙන් දකුණු පළාතේ සිදුකළ ඉදිකිරීම් සඳහා ලැබිය යුතු මිලියන 1800 ක මුදලින් මිලියන 160 ක් පමණ මාස තුනක් තිස්සේ පමාවීමෙන් ඉදිකිරීම්කරුවන් දුෂ්කරතා රැසකට මුහුණදී ඇති බව දකුණු පළාත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් බී.ඩබ්ලිව්. ඕ.ජී. වෛද්‍යරත්න මහතා පැවැසීය.

කොන්ත‍්‍රාත්කරුවන් ලබාගෙන ඇති බැංකු ණය සඳහා පොලී ගෙවීමටත් ළඟ එන අවුරුදු සමයේ සේවකයන්ට පාරිතෝෂික ලබාදීමටත් නොහැකිවී ඇතැයි වෛද්‍යරත්න මහතා කීය.

දකුණු පළාත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සහ දකුණු පළාත් සභාව අතර එම ව්‍යාපෘති සම්බන්ධව ගිවිසුම් අත්සන් කර තිබූ අතර පසුගිය දෙසැම්බර් මාසයේ එම ව්‍යාපෘතිය අවසන් වූ බව ඉදිකිරීම් සංගමයේ ලේකම්වරයා කීය.

දකුණු පළාතේ සිදුකළ ඉදිකිරීම් සඳහා අවසන්වරට මුදල්වලින් කොටසක් ලැබී ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ බවත් මේවන විට මාස 3 ක පමණ කාලයක් තිස්සේ මුදල් ලැබීම් පමාවී ඇති අතර එම ව්‍යාපෘතිය ඉදිරියට ක‍්‍රියාත්මකවේද යන්න සැක සහිත බවත් වෛද්‍යරත්න මහතා කීය.

ඒ පිළිබඳව දකුණු පළාත් ප‍්‍රධාන ලේකම් ආර්.සී. සොයිසා මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසූවේ එම ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉදිකිරීම්කරුවන්ට ගෙවීම සඳහා රජයෙන් මුදල් ඉල්ලා ඇති බවත් එම මුදල් ලද වහාම මිලියන 100 ක මුදලක් ගෙවීමට සූදානම් කර ඇති බවත්ය.

 



අදහස් (0)

‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියේ මුදල් පමාවෙන් කොන්ත්‍රාත්කරුවෝ අපහසුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site