IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාල කඩන්නෙක් අත්අඩංගුවට

(මහේෂ් කිර්තිරත්න)

පාරේ ගමන් ගන්නා කාන්තාවන්ගේ ඇසට මිරිස් කුඩු සහ වැලි ගසා ලක්ෂ ගණනින් වටිනා  කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ල කන අඹුසැමි යුවලේ පිරිමි පුද්ගලයා මාතලේ, ගලේවෙල, පත්කොලගොල්ලේදි අද (09) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි.

මාතලේ අකුරම්බොඩ ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් ගත් කාන්තවකට මිරිස් කුඩු ගසා ගෙල බැදි රන් මාලය කොල්ල කා ඇති අතර මොවුන් දෙදෙනා මෝටර්සයිකලයකින් ගමන් ගනිිමින් මාර්ගයේ මුණගැසෙන කාන්තාවන්ගෙන් ලිපිනයන් විමසන අයුරින් හැසිරි මෙසේ රන් මාල කොල්ල කන බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වු බවද පොලිසිය කියයි.

මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශනයට ලැබුණු තොරතුරු අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ සිදු කළ අතර සැකකරු අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව සිදු කරන ලද ප්‍රශ්න කිරිම්වලදි කොල්ලකන ලද රුපියල් ලක්ෂයක් වටිනා රන් මාලය දඹූල්ල ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබියදි සොයා ගත් බවද පොලිසිය කියයි.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමේදි අනාවරණය වු කරුණු අනුව කුරුණැගල පන්සියගම ප්‍රද්ශයේදි කාන්තාවකට ඇස්වලට වැලි ගසා කොල්ල කන ලද රුපියල් පනස්දහසක් වටිනා රන්මාලයක් ද කුරුණැගල නගරයේ උකස් මධ්‍යස්ථානයක උකස් කර තිබියදි සොයා ගත් බවද පොලිසිය කියයි.

මෙම යුවලට එක් දරුවෙකුද සිටින අතර දෙදෙනා විසින් මෙම රන්මාල කොල්ලකැමේ නිරතව ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගැනිමෙන් පසු බිරිය පොලිසිය මගහරිමින් සිටින බවද පොලිසිය කියයි.

සැකකාර යුවළ ගලේවෙල පත්කොලගොල්ලේ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

සැකකරු 10 දා නාඋල මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කර හදුනාගැනිමේ පෙරට්ටුවකටද යොමු කරන බවත් කුරුණැගල ප්‍රදේශයේ කොල්ලකැමට අදාළ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය කියයි.



අදහස් (2)

මාල කඩන්නෙක් අත්අඩංගුවට

Perera Tuesday, 09 March 2021 05:31 PM

ඇමතිකෙනෙක් වෙන්න සුදුසුකම් තියෙනවා.

:       0       4

wedage Wednesday, 10 March 2021 04:09 AM

මිරිස් කුඩු සෙල්ලම පාර්ලිමේන්තුවෙන් ඉගෙනගෙන කරන කෙනෙක් වගේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31273 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13463 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10987 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 94 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 928 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 278 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site