
(දයාරත්න ඇඹෝගම)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට හිදෝගම කළුවිල සේන මහ විදුහලේ විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටින පුද්ගලික අයදුම්කරුවෙකු වෙනුවට පෙනී සිටි වෙනත් පුද්ගලයෙකු අද (8) අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්මහරාමය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.මෙම පුද්ගලයා වීරවිල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සේවය කරන්නෙක් වන අතර විභාගයට පෙනී සිටිමට නියමිත අයදුම්කරුගේ ඥාතියකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයා ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටියදි සැක සිතු සහකාර ශාලාධිපතිවරයා ඔහුගේ හැදුනුම්පත පරික්ෂා කිරිමේදි එය ව්‍යාජ එකක් බවට තහවුරු කර ගෙන තිබුණි.
ඒ අනුව විභාග ශාලාධිපතිවරයා විසින් පොලිසියට කළ දැනුම්දිම මත පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොරට සාපෙළ ලියන්න ගිය අයෙක් කුඩුවේ