IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යුද හමුදා ට්‍රක් රථයක ගැටී පොලිස් සැරයන් මරුට

(ක.ග.කරුණාරත්න)

 

රාජකාරී කටයුත්තක් සඳහා ගොස් ආපසු සිය සේවා ස්ථානය බලා යතුරුපැදියකින් යමින්  සිටි පොලිස් සැරයන්වරයකු යුද හමුදා ට්‍රක් රථයක ගැටී මියගොස් ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.

පොලොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ ජයන්තිපුර නගරයට ආසන්නයේ දී සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගල්ඔය, හතරැස්කොටුව පොලීසියේ රාජකාරී කළ කන්තලේ,ගන්තලාව, පදිංචිව සිටි දංකොටුවේ ගෙදර හේරත් මුදියන්සේලාගේ රංජිත් ප්‍රියන්ත නැමැති 51 හැවිරිදි තිදරු පියෙකි.

යුද හමුදා ට්‍රක් රථය මින්නේරිය දෙස සිට පොලොන්නරුව දෙසට ගමන් ගනිමින් තිබී ඇති අතර  පොලිස් සැරයන්වරයා සිය සේවා ස්ථානයේ සිට රාජකාරී කටයුත්තක් සඳහා පොලොන්නරුව,නවනගරයට  ගොස් ආපසු සිය සේවා ස්ථානය බලා යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.

මිය ගිය පොලිස් නිලධාරියාගේ මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(11)දිනයේ පොලොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට  නියමිතය.

යතුරු පැදියේ ගැටුණු යුද හමුදා ට්‍රක් රථය පැදැවූ බව කියන හමුදා සෙබළකු වන  රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (0)

යුද හමුදා ට්‍රක් රථයක ගැටී පොලිස් සැරයන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site