ත්‍රිරෝද රථය පෙරළී අයෙක් මියයයි සූරියවැවදී අද (04) සවස 7.00 ට පමණ ත්‍රී රෝද රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් එය පදවා ගෙන ගිය පුද්ගලයා ඊට යටවී මරණයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. 04 March 2021
බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වහලය කඩා වැටෙයි බදුල්ල නගර මධ්‍යයේ පිහිටි බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වහලයේ කොටසක් (4) අද පස්වරුවේ හදිසියේ කඩා වැටීමෙන් එහි වෙළෙඳසල් දෙකකට අලාභහානි වී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 04 March 2021
ගංජා අළෙවි කිරීමට ගෙනගිය සැකකරු අත්අඩංගුවට වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා ගෙනයමින් සිටි ගංජා කිලෝ එකයි, ග්‍රෑම් 285 ක් සමග සැකකරුවෙකු අද (04) අත්අඩංගුවට ගත් බව හියාරේ විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි. 04 March 2021
ආහාර පනතේ නීති කඩ කළ හෝටල් කළමනාකරුට දඩ ආහාර පනතේ නීති උල්ලංඝනය කිරිමේ චෝදනාවලට වැරදිකරුවන් වූ හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය එක් අයෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000 ක දඩ අද (4) නියම කළාය. 04 March 2021
දෙහිවල දෙමහල් නිවසක ගින්නක් දෙහිවල ද අල්විස් පෙදෙසේ දෙමහල් නිවසක අද (4) පස්වරුවේ 3.30 ට පමණ ඇති වූ ගින්නකින් එහි උඩුමහලට දැඩි හානි සිදු වී ඇතැයි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැවසීය. 04 March 2021
විභාග මධ්‍යස්ථාන අවට සිසුන්ට අත් පත්‍රිකා බෙදීම තහනම් අපොස සාමන්‍ය පෙළ විභාගය අවසාන වී විභාග මධ්‍යස්ථාන වලින් පිටතට පැමිණෙන දරුවන් එක්රැස් කරමින් ඇතැම් පුද්ගලික පන්ති වල පිරිස් පත්‍රිකා බෙදා බෙදීමේ ක්‍රියාවන් වල නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවත් එය නිරෝධායන නීතිය උල්ලංඝනය කිරිමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 04 March 2021
බදුල්ලේ උපාධිධාරී වෘත්තීය සමිති උද්ඝෝෂණයක රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවේ සියලු උපාධිධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් වහාම ලබාදෙන ලෙසට රජයට බලකරමින් බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන නිලධාරි සංගමය සහ රැකියා ලාභී උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කළ පෙළපාළියක් හා උද්ඝෝෂණයක් බදුල්ලේ දී අද (4) පැවැත්විණි. 04 March 2021
නියෝජ්‍ය නගරාධිපතිගෙන් කණ්ඩායම් නායකයාට වතුර බෝතල පහර මොරටු නියෝජ්‍ය නගරාධිපති (ශ්‍රිලපොපෙ) සමන්ත සිල්වා මහතා විසින්(ශ්‍රිලනිප) කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රි හිටපු නියෝජ්‍ය පුරපති සුජිත් පුෂ්පකුමාර මහතාට මොරටු මහ නගර සභා ගැබේ සභාව පැවැත්වෙන අද (4) වතුර බෝතලයකින් පහර දෙනු ලැබීය. 04 March 2021
නිධන් හාරමින් සිටි කට්ටඩියා ඇතුළු 8 අල්ලති පුද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අද (4) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපොප මල්දෙණිය මහතා පැවසිය. 04 March 2021
ලක්ෂ 60 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් අල්ලති රුපියල් ලක්ෂ 60 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනකු තලේමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ දී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 04 March 2021
පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ 336 අත්අඩංගුවට ගෙන විනාශ කරයි මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ 363 සහ සෝසේජස් කිලෝ 21 හා ඩ්‍රම්ස්ටික් කිලෝ 45 ක් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වීනාශ කළ බව කෑගල්ල බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද (03) පස්වරැවේ පැවසීය. 03 March 2021
මෝටර් රථ - ලොරි අනතුරකින් රියදුරු මරුට බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේ දී අද (3) දහවල් මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථ රියදුරු මියගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි . 03 March 2021
දුම්රියේ ගැටී තරුණයකු මරුට ගාල්ල මිනුවන්ගොඩ බිංගෙය අසළදි අද (3) සවස දුම්රියේ හැපී තරුණයකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 03 March 2021
ගාල්ලට අලුතෙන් ප්‍රා. ලේ කාර්යාල තුනක් ගාල්ල දිස්ත්‍රික්කයේ අලුතෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක් ස්ථාපිත කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය. 03 March 2021
කාත්තාන්කුඩි ප්‍රා.ලේ කාර්යාලයේ ඉඩම් අංශය වහයි කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කරන නිලධාරියකුට කොවිඩ් ආසාදනය තහවුරු වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ. 03 March 2021
පිස්තෝලයක් සමග ගුවන් හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගුවන් හමුදාවෙන් මීට මාස තුනකට පෙර පැන ආ බව කියන ගුවන් හමුදා සෙබලෙකු සහ ඔහු සතුව තිබී ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි. 02 March 2021
තලවකැලේ වන වගා රක්ෂිතයක ගින්නෙන් අක්කර 5 ක් විනාශයි තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසීය. 02 March 2021
තිඹිරිගොල්ල රක්ෂිතයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලයි අම්පාර දිස්ත්‍රික්කයේ බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමියක ස්වභාවික වනය විනාස කර පවත්වාගෙන ගිය ගංජා වගාවක් (02) සොයා ගැනිමට පොතුවිල් පොලිස් අපරධ අංශයේ ඒකකය සමත්විය. 02 March 2021
වාහන හතක ව්‍යාජ අංක තහඩු - මෝටර් රථ දෙකක් අල්ලයි වාහන හතක ව්‍යාජ අංක තහඩු සහ මෝටර් රථ දෙකක් සමග 56 හැවිරිදි පුද්ගලයෙකු ගම්පහ මූලස්ථාන පොලීසියේ දුෂණ මර්ධන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 02 March 2021
ගම දෙවනත් කළ අවිගත් කල්ලිය සොයයි ඇල්පිටිය පොලිස් වසමට අයත් කහදූව හා පිටුවල අම්බන ප්‍රදේශවල ජනතාව භීතියට පත්කරමින් තියුණු ආයුධ අතැතිව යතුරු පැදි තුනකින් ගම්දෙවනත් කරමින් ඊයේ (01) සවස සැරි සැරූ කණ්ඩායමක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. 02 March 2021
වාරියපොල පිරවුම් හලක ගින්නක් වාරියපොල මාමුණුව ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ අද (01) සවස ගින්නක් ඇතිවී බරපතල ලෙස හානියට පත්ව ඇතැයි වාරියපොල පොලිසිය කියයි. 01 March 2021
පාසල් දැරිය ගෙන ගිය විවාහකයා අල්ලයි බාල වයස්කාර පාසල් දැරියක රැගෙන ගොස් කඩුවෙල ප්‍රදේශයේ නවාතැනක රදවාගෙන සිටි විසි හැවිරිදි විවාහ පුද්ගලයකු අද (01) අත්අඩංගුවට ගෙන ඇතැයි බලන්ගොඩ කල්තොට පොලිසිය පවසයි. 01 March 2021
පළාත් පාලන සේවකයෝ දි.ලේ. කාර්යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කරති දීර්ඝ කාලයක් තමන් පළාත් පාලන ආයතනවල සේවය කර ඇතත්තමන්ගේ සේවය තවමත් ස්ථිර කර නොමැති බව පවසමින් පළාත් පාලන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (1) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් පැවැත්විණි. 01 March 2021
සා.පෙළ විභාගයට යන්න විශේෂ බස් සේවාවක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් සහ විභාග කාර්ය මණ්ඩල වල පහසුව සදහා හෙට (01) සිට විශේෂ බස් රථ සේවාවක් යොදවන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා පැවසීය. 28 February 2021
සෙන්ක්ලෙයාර් රක්ෂිතයේ ගින්නක් තලවකැලේ, සෙන්ක්ලෙයාර් රක්ෂිතය අද (28) රාත්‍රි 7.00 ට පමණ ගිනි ගැනීමකට ලක්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 28 February 2021
විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට බේරුවල චීන කොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අද (28) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 28 February 2021
මඩකලපුව කාන්තන්කුඩියේ පෙදෙස් කිහිපයක හෙට අගුළු අරී මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට(01) සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්වික මධ්‍යස්ථානය දැනුම් දෙයි. 28 February 2021
බඹරු ඇනීමෙන් කම්කරු කාන්තාවෝ 6ක් රෝහලේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(28) බඹරු ඇනීම හේතුවෙන් තුවාල ලැබූ කම්කරු කාන්තාවන් 6දෙනෙකු දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසීය. 28 February 2021
සාමිවරයකු කියා ලක්ෂ 22 ක් සොරාගත් 6 ක් අත්අඩංගුවට වැලිපැන්න බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට පැමිණ රුපියල් ලක්ෂ 22 ක් සොරා ගැනීමේ සිද්ධියකට සාමිවරයෙක් යැයි කියාගන්නා පුද්ගලයකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. 28 February 2021
මත්ද්‍රව්‍ය සමග 02ක් අත්අඩංගුවට කොට්ටාව ගලවිලපුර ආසිරි මාවත ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් ලක්ෂ 45කට ආසන්න වටිනා කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අද (27) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 27 February 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026