IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


තිඹිරිගොල්ල රක්ෂිතයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලයි


 

(කුමාර සි .ලියනආරච්ච්)

අම්පාර දිස්ත්‍රික්කයේ බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතයේ  අක්කර දෙකකට ආසන්න භූමියක ස්වභාවික වනය විනාස කර පවත්වාගෙන ගිය ගංජා වගාවක් (02) සොයා ගැනිමට පොතුවිල් පොලිස් අපරධ අංශයේ ඒකකය සමත්විය.

අම්පාර කොට්ඨාස අපරද විමර්ශණ කාර්යංශය සහ පොතුවිල්  පොලිස්ථානයේ දුෂණ විමර්ශණ ඒකකයද මෙම වැටලිමට එක්විය.

අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා වෙත ලැබුණ තොරතුරක් මත ඉතා දුෂ්කර ගමනකට පසුව අක්කර දෙකක් පමන  වු ගංජා හේනක් සොය ගනු ලැබිණි.

මෙම ගංජා වගාව සිදු කිරිම සදහා එම පුද්ගලයන් විසින් වන උද්‍යානයේ ගස් විශාල ප්‍රමාණයක් කපා දමා ඇති ආකාරය දක්නට ලැබිණ .

මෙම වැටලිමෙදි සැක කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබු අතර ඔවුන් විසින් ගංජා අලෙවි කිරිම සදහා සකස් කර ඇති තොගයක් පොලිසිය විසින් සොයා ගන්නා ලදි.

අක්කරපත්කුව සම්මන්තුරේ කල්මුණේ පොතුවිල සහ කොළඹ ප්‍රදේශයනට ද ගංජා බෙදා හැරිම මෙම වගා කරුවන් විසින් සිදු කර ලබයි.  

මෙම ගංජා තොග යේ වටිනාකම ලක්ෂ 50 කට අධික  බව පොලිසිය සදහන් කර සිටි.

පොසිය විසින් මේ වන විට ලාහුගල වන උද්‍යානයට මයිම්ව ඇති බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතයේ අක්කර දාහතක පමණ අනවර ගංජා වගා සොයා ගෙන තිබේ.
 



අදහස් (0)

තිඹිරිගොල්ල රක්ෂිතයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site