
(නයෝමි දිල්රුක්ෂි)
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ 363 සහ සෝසේජස් කිලෝ 21 හා ඩ්‍රම්ස්ටික් කිලෝ 45 ක් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වීනාශ කළ බව කෑගල්ල බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද (03) පස්වරැවේ පැවසීය.
බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ධාශය තුළ සිදු කළ ආහාර වැටලිමක් අතරතුර අධි ශිතකරණ පහසුකම් නොමැතිව ප්‍රවාහනය කළ කුකුළු මස් තොගය අත්අඩංගුවට ගෙන ඇත.
ඉඹුල්ගල මංසංදියන් ධාවනය කරමින් තිබු ලොරි රථය පිලිබදව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතාට සැක සිතී මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පසුපස හබාගොස් සිදු කළ පරික්ෂාවකදී ප්‍රවාහනයට අවශ්‍යය වන ශිතකරණ පහසුකම් නොමැති ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇත.
අද පස්වරුවේ කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෙම කුකුළු මස් තොගය විනාශ කර රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත සැකකරු මුදා හැර ලබන 26 දින නඩුවට පෙනි සිටින ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් තුමිය නියෝග කළාය.
කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයේ වලක් කපා භුමිතෙල් යොදා අත්අඩංගුවට ගත් කුකුළුමස් තොගය වල දැමිමට කටයුතු කෙරිණි.
කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එන්.ඩී.සී. දිල්රුක්ෂි මහත්මියගේ උපදෙස් පරිදි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. අතුකෝරල මහතාගේ මෙහෙයවිමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක ඩබ්ලිව්.ඵම් අමරතිලක සෞඛ්‍ය කාර්ය සහයක යු.සී.ජේ. සම්පත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ආහාර වැටලීම සදහා ඵක්ව සිටියහ.

2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ 336 අත්අඩංගුවට ගෙන විනාශ කරයි