IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආහාර පනතේ නීති කඩ කළ හෝටල් කළමනාකරුට දඩ

(සුමතිපාල දීයගහගේ)
 
ආහාර පනතේ නීති උල්ලංඝනය කිරිමේ චෝදනාවලට වැරදිකරුවන් වූ  හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය එක් අයෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000 ක දඩ අද (4) නියම කළාය.

මෙසේ දඩ නියම කරන ලද්දේ මිහිරිපැන්න සහ උණවටුන ප්‍රදේශයේ  හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකුටය‍.

කුකුල් අසුචි තැවරුණ බිත්තර ආහාර සුදානම් කිරිමට ගැනීමට ගබඩා කර තැබිම සහ මැස්සන්ට නිරාවරණය වන පරිදි පිසූ ආහාර ගබඩා කර තැබීම යන චෝදනාවලට වැරදිකරු වූ එක් හෝටල් කළමනාකරුවකුට රුපියල් 10,000 ක් ද, පියන් නොමැති කසළ බදුන් විවෘතව තැබීම, කල් ඉකුත් වූ චොකලට් ගබඩා කර තැබීම යන චෝදනාවලට අනිත් කළමනාකරුට ද රුපියල් 10,000 ක් නියම විය.

හබරාදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පි ඒ සිසිර කුමාර සහ කතලුව මහජන සෞඛ්‍ය පරික්ෂක සුජන්ත ජයසිරි යන මහත්වරුන් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කරන ලදී.



අදහස් (0)

ආහාර පනතේ නීති කඩ කළ හෝටල් කළමනාකරුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site