
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව ගලවිලපුර ආසිරි මාවත ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් ලක්ෂ 45කට ආසන්න වටිනා කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අද (27) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ කේරළ ගංජා කිලෝ 20 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 23 සහ 34 වියේ පසුවන්නන් බවත්, ඔවුන් හෙට (28) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd