(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ අලුතෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක් ස්ථාපිත කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය.
මෙතෙක් කල් පවත්වා ගෙන රත්ගම ,මාදම්පාගම සහ වඳුරඹ උප කාර්යාල තුන මාර්තු 1 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල බවට පත් කර ඇත.
ඒ අනුව මෙතෙක් 19ක් ව තිබූ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව 22ක් වනු ඇත.
මෙතෙක් රත්ගම සහ මාදම්පාගම හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබූ අතර වඳුරඹ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව තිබිණි.
රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ග්‍රාම සේවා වසම් 32ක් ද මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ග්‍රාම සේවා වසම් 38ක් වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ග්‍රාම සේවා වසම් 22ක් අයත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd