මාස 15ක් හොරෙන් ජලය ගෙන 10,000ක් දඩකයි
නීතිවිරෝධි ලෙස ජලය ලබාගෙන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් 40,000 ක පමණ අලාභයක් සිදුකිරීමේ චෝදනාවට මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් ග්රෑන්ඩ්පාස්හි පදිංචිකරුවකුට ප්රධාන මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා රුපියල් 10,000 ක දඩ මුදලක් නියම කළේය.