‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ බස් රථ සේවාව පිළියන්දල දක්වා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ බස් රථ සේවාව පිළියන්දල ප්‍රධාන බස්නැවතුම්පළ දක්වා ව්‍යාප්ත කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා බලධාරීන් වෙත අද(22) උපදෙස් ලබාදුන්නේය. 22 February 2021
නුවරඑළිය - මීපිලිමාන පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වෙයි නුවරඑළිය සිට මීපිලිමාන දක්වා දිවෙන මාර්ග අංක 749 මාර්ගයේ දිනපතාම ධාවනය කරන පෞද්ගලික බස්රථ හිමිකරුවෝ අද(22) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්ව විරෝධතාවයකට එක්ව සිටියහ. 22 February 2021
අලි මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා ගොවි සංවිධාන පාරට බසිති රටපුරා පවතින අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් ඉල්ලා දිවයිනේ පළාත් ගණනාවක ගොවි නියෝජිතයෝ අද (22) දින දඹුල්ල නගරයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. 22 February 2021
මාතලේ නව උප නගරාධිපති වැඩ අරඹයි මාතලේ මහනගර සභාවේ නව උප නගරාධිපති ලෙස තේරී පත් වූ අමිල නිරෝෂණ මහතා(ශ්‍රීලපොපෙ) එම තනතුරේ අද(22) මාතලේ මහනගර සභාවේදී වැඩ බාරගත්තේය. 22 February 2021
ගම්පහ මහ රෝහලේ හෙද නිලධාරීහු ලෙඩ වෙති කොරෝනා වසංගත තත්ත්වය යටතේ සේවයෙහි නිරත හෙද හෙදියන්ට විශේෂ නිවාඩු සහ ආරක්ෂිත පහසුකම් ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (22) උදෑසන සිට පැය 24 ක කාලයක් අසනීප නිවාඩු මත සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටිති. 22 February 2021
ටිපර් යතුරුපැදි ගැටුමෙන් අයෙක් මරුට තංගල්ල - තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 198 කණුව අසලදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයකු අද(22) ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 22 February 2021
ෆේස්බුක් සාදයකට ගිය 16ක් අල්ලයි හබරණ ප්‍රදෙශයේ පවත්වාගෙන ගිය ෆේස්බුක් මත්පැන් සාදයක් වටලා කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු අද(22) අලුයම අත් අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හබරණ පොලීසිය කියයි. 22 February 2021
ගල්කිස්සේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි ගල්කිස්ස අල්විස් පෙදෙසේ දෙමහල් ගොඩනැගිල්ලක මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය ඝණිකා ජාවාරමක් වටලා සැකකාරියන් පස්දෙනෙකු සමග කළමනාකරු බව කියන සැකකරුවෙකු අද(22) අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 22 February 2021
කැස්බෑ බිත්තර 90ක් වෙරළින් ගොඩ අරන් මොරටුව එගොඩඋයන පොලිස් වසමේ සිදුකළ පැය පහක මෙහෙයුමකින් කිසිවකු විසින් ගොඩදමා තිබූ කැස්බෑ බිත්තර 90ක්, වරෙන්තුකරුවන් තුන්දෙනෙක් සහ හෙරොයින් ගංජා පානය කරන්නන් 6දෙනෙකු ඇතුලුව සියලු සැකකරුවන් 9දෙනෙකු අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි. 22 February 2021
පාලවියේ ගම්මු විරෝධතාවයක පාලවිය දුම්රිය ස්ථානය ඉදිරිපිට ගම්මානයට ගමන් ගත් මාර්ගය දුම්රිය නිළධාරින් හා සේවකයින් පිරිසක් විසින් වසා දැමීමට විරෝධය පා එම ගම්මානයේ ගම්වැසියන් අද (21) විරෝධතාවයක නිරත වුහ. 21 February 2021
ටිපර් රථයකට යට වී පුද්ගලයකු ජීවිතක්ෂයට බලන්ගොඩ ප්‍රදේශයේ ගල් වැඩ පලකදී ටිපර් රථයකට ගල් පටවමින් සිටියදී, එම ටිපර් රථය පසුපසට ධාවනය වීමෙන් පුද්ගලයකු අද (20) දහවල් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 20 February 2021
දුව දූෂණය කළ පියා රිමාන්ඩ් දියණිය දූෂණය කළැයි කියමින් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන අද (19) පස්වරුවේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පියෙකු මාර් තු මස 2 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර මහතා නියෝග කළේය. 19 February 2021
පොලිස් ස්ථානාධිපතිට බැණ තර්ජනය කළ අයෙකු අත්අඩංගුවට බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති ආර්. ආර්. ජී. කේ. බණ්ඩාර මහතාට දුරකතයෙන් බැණ තර්ජනය කළ පුද්ගලයකු අද (19) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 19 February 2021
මිතුරාගේ පිහිපහරින් අනෙකා මරුට මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමෙන් දුරදිග යෑමෙන් මහව ප්‍රදේශයේ දී එක් අයෙකු පිහියකින් ඇනීමෙන් අනෙකා මරණයට පත්ව ඇති බව පොලීසිය අද( 19 )පැවසීය. 19 February 2021
කසළ තේ කිලෝ 10,000ක් එස්ටීඑෆ් දැලේ ගම්පොල සිට කොළඹට රැගෙන යමින් තිබූ කසළ තේ කිලෝ 10,000 ක තොගයක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (19) උදෑසන යක්කල නගරයේ දී සිය බාරයට ගෙන ඇත. 19 February 2021
විදුලි සැර වැදුණු අලියාගේ පහරින් ගොවියා නසී සේරුනුවර පොලිස් වසමට අයත් සිරිමංගලපුර ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ වල්අලියෙකු පහරදීමකින් ගොවියෙකු මියගිය බව පොලිසිය කියයි. 19 February 2021
අලියෙකුගේ ඇඟේ ගැටී 5ක් රෝහලේ තලාව, මොරගොඩ ආසන්නයේදි වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් එහි ගමන් ගත් මගීන් 5දෙනෙකු තුවාල ලබා අද(19) රෝහල්ගත කළ බව තලාව පොලිසිය කියයි. 19 February 2021
රඹුක්කන නගරයේ ගින්නක් රඹුක්කන නගරයේ අද (18) රාත්‍රී 8.15 ට පමණ රෙදිපිලි අළෙවිසැලක ගින්නක් හටගෙන ඇත. 18 February 2021
දියණිය අපයෝජනය කළ පියෙකු අත්අඩංගුවට සිය දුව අපයෝජනය කළා යයි කියන පියෙකු අද (18) අහුන්ගල්ල පොලතුපළාත ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 18 February 2021
නිවසක සාදයක් සෞඛ්‍ය අංශ පැමිණ නවතයි නිරෝධායන නීතිරීතී හා සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් අද (18) පැවැත්වීමට සූදානම් කර තිබූ දියණියකගේ වැඩිවිය පැමිණවීමේ උත්සවයක් කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් නතර කරවා තිබේ. 18 February 2021
බලපිටිය ප්‍රා. සභාව උණුසුම් වෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශයේ පූජක පක්ෂය හා ප්‍රාදේශීය සභා සේවකයින් මියගිය පසු ආදාහන කටයුතු සිය සභාවට අයත් ආදාහනාගාරවලින් නොමිලයේ කර දිය යුතු යයි විපක්ෂ නායක අජිත් අසේල මහතා (එ.ජා.ප) අද (18 ) පැවති මාසික සභා රැස්වීමට ගෙන ආ අවස්ථාවේදී බලපිටිය මාසික සභා රැස්වීම දැඩි උණුසුම් විය. 18 February 2021
මාස 15ක් හොරෙන් ජලය ගෙන 10,000ක් දඩකයි නීතිවිරෝධි ලෙස ජලය ලබාගෙන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් 40,000 ක පමණ අලාභයක් සිදුකිරීමේ චෝදනාවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් ග්‍රෑන්ඩ්පාස්හි පදිංචිකරුවකුට ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා රුපියල් 10,000 ක දඩ මුදලක් නියම කළේය. 18 February 2021
ගම්පහ ගංගාවලට ස්ථාන 170කින් අපද්‍රව්‍ය දමයි ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ගංගා සහ ඔයවල් තුනකට, ස්ථාන 170 කින් අපද්‍රව්‍ය බැහැර කෙරෙන බවට හඳුනාගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ (පරිසර දූෂණ පාලන) ආචාර්ය සංජය රත්නායක මහතා සඳහන් කළේය. 18 February 2021
කුලියාපිටිය ශික්ෂණ රෝහලට පීසීආර් යන්ත්‍රයක් සඳහා ලක්ෂ 55ක් ප්‍රා.සභාවෙන් කුලියාපිටිය ප්‍රාදේශීය සභාව විසින් කුලියාපිටිය ශික්ෂණ රෝහලට පීසීආර් යන්ත්‍රයක් සඳහා රුපියල් ලක්ෂ 55ක චෙක්පත්රය ලබාදීම එම සභාවේ ශ්‍රවණාගාරයේදී අද(18) සිදුවිය. 18 February 2021
බදුල්ල මහ රෝහලේ කනිෂ්ඨ සේවකයෝ වැඩ වරති ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් බදුල්ල මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් අද (18) උදෑසන සිට වැඩ වර්ජනයකට සහභාගී වී සිටිති. 18 February 2021
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රිය අනතුරකින් කළුබෝවිල රෝහලට මත්තෙගොඩ නැගෙනහිර ප්‍රජා පොලිස් කමිටුවේ සභාපති, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිරිසේන අතුකෝරල මහතා මීට ස්වල්ප මොහොතකට පෙර මෝටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇති බව මත්තෙගොඩ පොලීසිය පවසයි. 17 February 2021
කලමැටිය කලපුවේ මසුන් ඇල්ලිමට ගිය ධිවරයෙක් අතුරුදහන් කලමැටිය කලපුවේ මසුන් ඇල්ලිමට ගිය ධීවරයෙකු අතුරුදහන්වී ඇති බවට අද (17) සවස පැමිණිල්ලක් ලැබී ඇතැයි හුංගම පොලිසිය පවසයි. 17 February 2021
හැටන් වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක අද (17) පස්වරුවේ හටගත් ගින්නකින් එම වන වගා රක්ෂිතයේ අක්කර 5ක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත. 17 February 2021
මොනරාගල සතොස ගබඩා සංකීර්ණය වසර ගණනක් වහලා සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් මොනරාගල හුලංදාව මංසන්ධිය අසල පිහිටි සතොස ගබඩා සංකීර්ණය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අවුරුදු ගණනාවක් තිස්සේ වසාදමා ඇත. 17 February 2021
වැලිසර ආර්ථික මධ්‍යස්ථාන සාමාජිකයින් 380 කට කොවිඩ් එන්නත් වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සාමාජිකයන් ඇතුළු පුද්ගලයින් 380 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දීම අද (17) වත්තල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි. 17 February 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026