(ප්‍රියාණි මංගලිකා)
මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමෙන් දුරදිග යෑමෙන් මහව ප්‍රදේශයේ දී එක් අයෙකු පිහියකින් ඇනීමෙන් අනෙකා මරණයට පත්ව ඇති බව පොලීසිය අද( 19 )පැවසීය.
සැකකාර මිතුරා (42) සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සිටියදී පොල්පිතිගම ප්‍රදේශයේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බවද පොලිසිය කීය.
මියගිය පුද්ගලයා සහ සැකකාර පුද්ගලයා යන දෙදෙනාම එකම ප්‍රාදේශයක පදිංචි විවාහකයන් බවද,ඔවුන් දෙදෙනා මිතුරන් දෙදෙනෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා වැඩ තහනමට ලක් වූ 38 හැවිරිදි පොලිස් නිලධාරියෙකු බවද, මියගිය අයගේ සිරුර පිළිබඳව වූ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු මහව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලිසිය කීය.
සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිතුරාගේ පිහිපහරින් අනෙකා මරුට