IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිවසක සාදයක් සෞඛ්‍ය අංශ පැමිණ නවතයි

(චන්ද්‍රසිරි ගුණසේකර)

නිරෝධායන නීතිරීතී හා සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් අද (18)  පැවැත්වීමට සූදානම් කර තිබූ  දියණියකගේ වැඩිවිය පැමිණවීමේ උත්සවයක් කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් නතර කරවා තිබේ.

කරන්දෙණිය කොස්වතුමානාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය සේවකයකුගේ නිවසක නෑදෑ හිතමිතුරන් 200කට පමණ ආරාධනා කර මෙම උත්සවය පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබී ඇත.

මෙය මේ ආකාරයෙන් නොපවත්වන ලෙස කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම රාජ්‍ය නිලධාරීයා වූ නිවෙස් හිමියාට උපදෙස් දී තිබියදී අද (18) දහවල් මෙම උත්සවය පැවැත්වීමට ඔහු සූදානම් වී ඇත.

මේ පිළිබදව ගම්වාසීන්ගෙන් ලද පැමිණිල්ලක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සමග එහි ගිය කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නදීප් සුදසිංහ මහතා වහාම මෙම උත්සවය නතර කරන ලෙස දන්වා ඇත. එසේ නොකළොත් නිරෝධායන නීතිරීති යටතේ අත් අඩංගුවට ගෙන නඩු පවරන බව පැවසීමෙන් පසු නිවෙස් හිමියන් උත්සවය  උත්සවාකාරයෙන් පැවැත්වීම නතර කර තිබේ.

ඒ වන විටත් 200කට පමණ දහවල් ආහාර පිළියෙල කර තිබී ඇති අතර නිවෙස් හිමියන් විසින් ඒවා පාර්සල් කර සිය කාර්යාල හිතමිතුරන්ට හා ඥාතීන්ට බෙදා දුන් බව දැනගන්නට ලැබුණි.

මේ අතර කරන්දෙණිය සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොටවෙල නිවසක එක්දහස් දෙසීයකට පමණ  ආරාධනා කර 20 වෙනිදා පැවැත්වීමට සූදානම් කර තිබූ  කොටහළු උත්සවයක්ද නතර කිරීමට පියවර ගත් බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.



අදහස් (0)

නිවසක සාදයක් සෞඛ්‍ය අංශ පැමිණ නවතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site