IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගල්කිස්සේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
ගල්කිස්ස අල්විස් පෙදෙසේ දෙමහල් ගොඩනැගිල්ලක මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය ඝණිකා ජාවාරමක් වටලා සැකකාරියන් පස්දෙනෙකු සමග කළමනාකරු බව කියන සැකකරුවෙකු අද(22) අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
 
වෙබ් අඩවියක පළ වූ දැන්වීමකට අනුව එම දැන්වීමේ සඳහන් තොරතුරු හා සම්බන්ධ වෙමින් උපාය දුතයෙකු යොදවා සිදුකරනු ලැබූ පරීක්ෂාවේ දී මෙම සැකකාරියන් සහ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
 
ඉහල වැටුප් ගෙවන බවට සදහන් වූ පුවත්පත් දැන්වීමකට අනුව කොළඹ පැමිනි සැකකාරියන්  කොළඹ ප්‍රදේශයේ කාර්යාලයක සේවය කරන්නියන් ලෙස සිය නිවෙස් වලට දන්වා ඇති බව ඔවුන්ගෙන් කල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වු බව  පොලිසිය පැවසීය.
 
අන්තර්ජාලය හරහා ගැණුම්කරුවෙකු වෙබ් අඩවියේ සඳහන් අංකයට කතා කළ විට එකවරම ජාවාරම සිදුකරන ස්ථානයට ඔහුව ගෙන්වීම නොකරන ජාවාරම්කරු දුරකථනයෙන් සම්බන්ධ වෙමින් විවිධ ස්ථානයන් වෙත එන ලෙස ගැණුම්කරුට දැනුම් දෙනබව පොලිසිය පැවසීය.
 
සැකකාර කළමණාකරු පොලිසිය යෙදවු උපාය දුතයා සමගද දුරකතනයෙන්  සම්බන්ධ වෙමින් ගල්කිස්ස සුපිරි වෙලඳසැලක්,අවන්හලක්,මංසන්ධියක් යන ස්ථානයන් වෙන කැඳවමින් ගැණුම්කරු පොලිසියෙන්ද යන්න සැකහැර ගත් පසු ජාවාරම සිදුකරන ගොඩනැගිල්ල වෙත ඔහු කැඳවාගෙන ගිය බව පොලීසිය පැවසීය.
  
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 18,19,20 21,40යන වයස් කාණ්ඩ වල කාන්තාවන් බවද පොලිසිය පැවසීය. අදාල දෙමහල් ගොඩනැගිල්ලට ඇතුල්වීමේ ගාස්තු ලෙස රුපියල් පන්දහසක් අය කළ බවත් සඳහන් කරන පොලිසිය ඉන් අනතුරුව තවත් අයකිරීම් අදාළ ස්ථානයේ තිබූ බවද පැවසීය
අත්අඩංගුවට ගත් සැකකාරියන් දිඹුලාගල,හෙයියන්තුඩුව පල්ලෙවෙල,පොළොන්නරැව ,ලාහුගල යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බවද පොලිසිය පැවසීය.



අදහස් (0)

ගල්කිස්සේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site